මෙවර අය-වැය යෝජනා සඳහා ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් ලබා දුන් යෝජනා රැසක් ඇතුළත් වන බැවින් එය සම්මත කර ගැනීමට අත් එසවීමට ශ්‍රි.ල.නි.ප මැති ඇමැතිවරුන්ට හැකියාව පවතින බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය. පසුගිය රජයේ අය-වැයට වඩා ඉතා සාර්ථක අය-වැයක් වූ මෙවර අය-වැයට කරන්නන් වාලේ සාම්ප්‍රදායකව විරුද්ධවීමට තම පක්ෂයට කිසිසේත් අවශ්‍ය නොවන බවද ඇමැතිවරයා කීය.
ඊයේ(17) කොළඹදී පැවැති උත්සවයකට සහභාගී වූ ඇමැතිවරයාගෙන් ‘ මෙවර අයැ-වැයට අත් ඔසවන්නට එපා ‘ යැයි හිටපු ජනාධිපතිවරයා පෙරේදා (16) පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මෙම අදහස් පළ කළේය.