වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින තවත් එල්.ටී.ටී.ඊ රැඳවූවන් 63 දෙනෙකු ඊයේ (29දා) උදෑසන සිට ආහාර වර්ජනයක් ආරම්භ කර ඇතැයි වාර්තාවේ.
මීට දින හතරකට පෙර තවත් රැදවියන් 14 දෙනෙකු ආහාර වර්ජනය ආරම්භ කළ අතර ඔවුන්ට සහාය පළ කිරීම සදහා මෙම රැදවියන් හැටතුන්දෙනා ද ඊට එක්ව ඇත.
තමන්ට එරෙහිව ඇති නඩු කටයුතු කඩිනම් කරන ලෙසට බලකිරීම මෙම විරෝධතාවයේ අරමුණවී තිබේ.
ත්රස්තවාදය වැලැක්විමේ පනත යටතේ මොවුන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර මෙම එල්.ටී.ටී.ඊ රැඳවූවන්ට එරෙහිව දිවයිනේ විවිධ අධිකරණවල නඩු විභාග වෙමින් පවතී.