Colombo Today Local News

පාර්ලිමේන්තු මන්ත්‍රී 100ක්.. පාළාත්සභා මන්ත්‍රී 200ක් සමග බැසිල් වෙනසකට මුලපුරයි !

bail-0212හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයට තමා වගකිය යුතු බවට ඇතැම් පාර්ශවයන්ගෙන් එල්ල වන චෝදනා නිහතමානීව තමන් පිළිගන්නා බව හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මංගල මාධ්‍ය හමුවට එක්වෙමිනුයි හිටපු අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

තමා පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව රට හැරදා පලා නොගිය බවත් “මහින්ද රාජපක්ෂ දේශපාලනයෙන් සමු ගන්නා බවට මහින්ද රාජපක්ෂ විසින්ම දේශපාලනික වශයෙන් තීන්දුවක් ගෙන තිබුණ හෙයින් තමා රටින් පිටවූ බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය. මහින්ද රාජපක්ෂගේ පරාජය තමා නිසා සිදු වූවානම් මේ මොහොතේ තමා එය නිවැරදි කිරීමට සූදානම් බවද හෙතෙම කියා සිටියේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වටා ලක්ෂ 78ක ජනතාවක් පෙළගැසී සිටින බැවින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන් එකක් ලෙසට නව පක්ෂය හැඳින්විය හැකි බව බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පක්ෂයේ සාමාජික කාඩ්පත් 100ක්ද,පළාත් සභා මන්ත්‍රීවරුන් සඳහා පක්ෂයේ සාමාජික කාඩ්පත් 200ක් වෙන්කර තිබෙන බවයි.

Related posts

අගමැතිගෙන් විමල්ට පොරොන්දුවක්

colombotoday

ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යාමේ දැඩි අවදානමක්

Admin

ජනාධිපති ලේකම් කථානායකට බොරු කියයි…

colombotoday

රටපුරා මහජන ආරක්ෂාවට ජනපති ත්‍රිවිධ හමුදාව කැඳවයි

colombotoday

මහනුවර ගැටුමට සැකපිට මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

colombotoday

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි…

Admin