Colombo Today Local News

නැගෙනහිර ජාතිවාදීන් ත්‍රීකුණාමලේ සම්බෝධි විහාරයේ වැට කඩා දමයි

sambodhiත‍්‍රිකුණාමලය වෙරල ආසන්නයේ පිහිටි සම්බෝධි විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කරනු ලැබු ආවරණ වැට කිසියම් පිරිසක් විසින් (13) රාත‍්‍රී කඩා දමා ඇතැයි විහාරාධිපති පුජ්‍ය මිහිදුපුර මහින්දවංශ නාහිමි පොලිසියට පැමිණිල්ලක් යොමු කරමින් කියා සිටි.

බුද්ධ ශාසන අමාත්‍යාංශයේ මුදල් ප‍්‍රතිපාදන මත දින කිහිපයකට පෙර මෙම විහාරස්ථානයෙහි ආවරණ වැට ඉදිකරනු ලැබු බවත් ඊයේ රාත‍්‍රියෙහි කිසියම් පිරිසක් විසින් ගල් කණු කිහිපයක් කඩා ඒ සමග ආවරණ වැටද පෙරලා දමා ඇති බවත් 2005 වසරේදීද මෙම විහාරස්ථානයෙහි තිබු හිදි පිළිම වහන්සේ විනාශ කර එහි සිරස ගලවා දමා මුලස්ථාන පොලිසිය අසල කාණුවක දමා ගොස් තිබු බවත් ආවරණ වැට ගලවා දැමීමේ සිදුවීම පිළිබදව තමන් වහන්සේ ත‍්‍රිකුණාමලය වරාය පොලිසියේ පැමිණිල්ලක් ද දමා ප‍්‍රාදේශීය ලේකම් වරයා හා දිස්ත‍්‍රික් ලේකම් වරයාවද මේ පිළිබදව දැනුවත් කල බව කියා සිටියේය.

Related posts

පවිත්‍රාට කැපිල්ලක්

Admin

අත්අඩංගුවට ගත් රේස් යතුරුපැදි 10ක රස පරීක්ෂක වාර්තා කැඳවයි

colombotoday

රත්මලානේ නිවසක තිබී මළ සිරුරක් හමුවෙයි

colombotoday

බියර්, අරක්කු, සිගරට්, ගංජා එක්ක ගෙවෙන බිග් මැච්

colombotoday

දුම්රිය රියදුරන්ගේ වර්ජනය තාවකාලිකව අත්හරී…

colombotoday

දුලිප් වෙදරච්චි කළු සාටකයක් පැළඳ මැතිසබයට එයි

Admin