ගතවූ මාස 10 තුළ උතුරේ ජනතාව දේශීය මත්පැන් ලීටර් 6,42125 ක්ද විදෙස් මත්පැන් ලීටර් 17156 ක්ද පානය කර ඇතැයි වාර්තා වේ. ඒ අතර විස්කි ලීටර් 3761 ක්ද, බ්රැන්ඩි ලීටර් 9689 ක්ද රම් 3042 ක්ද වොඩ්කා ලීටර් 827 ක්ද පානය කිරීමෙන් වාර්තාවක් තබා ඇත.
සුරාබදු ආරංචි මාර්ග දන්වන අන්දමට ඊට අමතරව රම් ලීටර් 1143 ක් හා වයින් ලීටර් 855 ක් සහ බීර ලීටර් 667634 ක්ද පානය කර තිබේ.
මෙම මාස 10 තුළ මත්පැන් ලීටර් 1328505 ක් ඔවුන් පානය කර ඇත.