Colombo Today Local News

ඉම්රාන් ඛාන්ගේ ගමන වීඩියෝ කරලා.. කාර්මික නිලධාරියාට අත්වූ ඉරණම.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ ඔහු ගමන් ගත් රථ පෙළ ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කර ඇති පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

බොරැල්ල බේස්ලයින් මාර්ගයේ පොදු වෙළෙඳසල අසලින් පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ගමන් ගනිද්දී සැකකරු විසින් ෆේස්බුක් ඔස්සේ එම අවස්ථාව සජීවීව ප්‍රදර්ශනය කර ඇති බව බොරැල්ල පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කරයි.

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් එම පුද්ගලයා විසින් වීඩියෝ ගත කරන අයුරු දැක තිබූ අතර පසුව අත්අඩංගුවට ගෙන බොරැල්ල පොලිසියට භාර දී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක කාර්මික නිලධාරියකු ලෙස රැකියාව කරන අයෙක් බවත් ඔහුව ඇප මත මුදාහැරී බවත් බොරැල්ල පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කරයි.

Related posts

දික්වැල්ලේ වෙඩි තැබීමකින් සර්ෆ් පුහුණුකරුවෙකු ජීවිතක්ෂයට

colombotoday

තව ටිකයි..ඉවසීම ඉවරයි ! අන්තවාදයට එරෙහිව මහියංගන බොදු ජනතාව මහ පාරට

colombotoday

මඩාටුගම මුස්ලිම් පල්ලියෙන් අධිබලැති TNT පුපුරණ ද්‍රව්‍ය අල්ලයි..

colombotoday

සෞඛ්‍ය අංශ කියන දේ ආණ්ඩුව අහන්නේ නෑ..

colombotoday

ශ්‍රී ලංකාවේ ස්ථිර පදිංචියට වසර 10ක වීසා කාලයක් දීර්ඝ කිරීමේ බලය ආරක්ෂක ඇමැතිට

colombotoday

කාර්යාල දුම්රිය ගමන්වාර 12ක් අවලංගු වෙයි

Admin