Colombo Today Local News

ජනපති අගමැති සහ විපක්ෂ නායකගෙන් නත්තලට සුබ පැතුම්

මෙරට කිතුනු ජනතාව නත්තල සමරන්නේ මින් වසරකට වැඩි කාලකට පෙර පාස්කු ඉරුදින සිදුකළ කුරිරු ප්‍රහාරයේ කටුක වේදනාව තවමත් සිත් දරාගෙන බව අප අමතක නොකළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

නත්තල් දින පණිවුඩය නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

ජනාධිපතිවරයා පවසන්නේ එදා ජනිත කළ භීතිය හා අනාරක්ෂිතබව පිළිබඳ හැඟීම පහකොට සැකයෙන් බියෙන් තොරව අගමික වතාවන්හි නිරතවීමට සියලුදෙනාට අවස්ථාව සැලසීමට හැකිවී ඇති බවය.

එමෙන්ම වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීම ද එලෙසින්ම සිදුවනු ඇතිබව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

එමෙන්ම කොවිඩ් -19 වසංගතය හමුවේ ආර්ථික, සමාජයීය හා සංස්කෘතික වශයෙන් අකර්මන්‍ය වූ ලෝකය යළි පුබුදු කිරීමට ජේසුස් වහන්සේ දෙසූ ධර්මය උපයෝගී කරගත හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

මේ අතර මෙම නත්තල් දිනයේ සාමයේ හා දයාවේ පණිවුඩය අප හදවත් තුළ තහවුරු වියයුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

නත්තල් දින පණිවුඩය නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා පවසන්නේ දිළිදුන් මෙන්ම දරුවන් සොයා යමින් ඔවුන් සමග නත්තල ගතකරන්නට අධ්‍යාත්මික සිත යොමු කරන ගැඹුරු දහමක් නත්තල හා බැඳී පවතින බවය.

මේ අතර සාමය තේමාව කොටගෙන අනෙකාට උදව් කරමින් නත්තල සමරමු යනුවෙන් සඳහන් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය නත්තල් දින පණිවුඩයෙන් පෙන්වා දෙයි.

මානව හිතවාදී බව තුළින් සියලු මනුෂ්‍යයන් කෙරෙහි ගෞරවයත් ස්වභාවධර්මය සහ සමස්ත පරිසරය කෙරේ දැඩි සංවේදීතාවයත් දක්වන්නට ජේසුතුමන් උගන්වා ඇති බව ද සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Related posts

“කැසිනෝ බලපත්‍ර දෙනවා නම් නියාමන ආයතනයක් අවශ්‍යයි”

Admin

අපේ සීමාව ඉක්මවලා ඉවරයි.. වහාම මැදිහත් වෙන්න – සම්බන්ධන් දකුණු අප්‍රිකාවෙන් ඉල්ලයි

colombotoday

අගමැතිගේ තීරණයකට ජනපති එරෙහි වෙයි.. ආණ්ඩුව ගිණියම් වෙයි.. ‘සම්මුතිය‘ දෙදරණ ලකුණු !

colombotoday

“එජාපය සමග තවත්නම් දීග කනු බෑ.. අපේ අදහස් ගැළපෙන්නෑ“ – එස් බී

colombotoday

තෙල් සංස්ථාවේ නිලධාරීන් අද කෝප් හමුවට

Admin

රජයේ සේවකයෝ 60%ක් පැය8න් පැය 2ක් ෆෝන් එකේලු.. රාජ්‍ය ‍සේවය පල්ලම් බහින්න ඒකත් හේතුවක්!

colombotoday