7 April 2025
Colombo Today Local News

අපේ රටේ දැනුම් පද්ධති සොරකම්කරන් ගියා.. හෙළ වෙද රහස් සහිත පුස්කොළ පොත් 2227ක් එංගලන්තයේ

යටත්විජිත සමයේ අප රටින් බැහැරට ගෙන ගොස් මේ වන විට විදේශයන්හි රදවා තබාගෙන තිබෙන හෙළ වෙද පොත්, පුස්කොළ පොත් සහ දේශීය වෙදකමට අදාල ලේඛන හා ග්‍රන්ථ නැවත මෙරටට ලබාගැනීම පිළිබද විශේෂ සාකච්ඡාවක් දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24)දින එම අමාත්‍යංශයේදී පැවත්විණි.

දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශය මගින් ආයුර්වේද දෙපාර්තමේන්තුව, අධිකරණ අමාත්‍යංශය, විදේශ කටයුතු අමාත්‍යංශය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව, බුද්ධශාසන ආගමික කටයුතු සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය සම්බන්ධීකරණය කරගනිමින් ඒකාබද්ධ වැඩපිළිවෙලක් ලෙස මෙම මූලික සාකච්ඡාව පවත්වා තිබේ.

එහිදී නීත්‍යානුකූල හා නීත්‍යානුකූල නොවන ක්‍රමවේද තුළ විදේශයන්හි රදවා තබාගෙන ඇති අපගේ දේශීය වෙදකම හා සම්බන්ධ වෙද පොත් හා ලේඛන මෙරටට ලබාගැනීම සදහා පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම පිළිබදව දීර්ඝව සාකච්ඡා කෙරුණි.

බටහිර යටත්විජිත කාලපරිච්ඡේදය තුළ අපේ රටේ දැනුම් පද්ධති සොරකම් කරන් ගියා.

ඉංග්‍රීසීන්, පෘතුගීසීන්, ලන්දේසීන් ඇතුළු විවිධ ජාතීන් බටහිර බටහිර කෞතුකාගාර තුළ මේ පුස්කොළ පොත්, වෙද පොත් ඇතුළු ග්‍රන්ථ සුරක්ෂිතව තබාගනිමින් ඒවා භාවිතා කර විවිධ දේශීය ඖෂධ නිෂ්පාදනයට උත්සාහයක් දරනවා.

අප දේශීය වෛද්‍ය අමාත්‍යංශය විදියට මුලපිරුවා මේ පුස්කොළ පොත් සංරක්ෂිතව මෙරටට ගෙනඒම පිළිබදව.

එංගලන්තයේ කෞතුකාගාරයක විතරක් තිබෙනවා හෙළ වෙද ශාස්ත්‍රීය ග්‍රන්ථ ඇතුළත් පුස්කොළ පොත් 2227ක්.

ඒවා මෙරටට ගෙනඒම සදහා ඒකාබද්ධ රාජතාන්ත්‍රික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළයුතු වනවා, අප එය ක්‍රියාත්මක කරනවා යනුවෙන් රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසීය.

එමෙන්ම මේ රටේ දේශීය වෙදකම, පාරම්පරික වෙදකම රැකගැනීමේ අරමුණින් අප පසුගිය කාල පරිච්ඡේදය තුළ කටයුතු රාශියක් ක්‍රියාත්මක කළා යැයි වැඩිදුරටත් පැවසීය.

Related posts

සංහිදියාව උපරිමයි.. වාකනේරියේ පන්සල වනසා ඉඩමත් අල්ලලා.. නැගෙනහිර සිංහලයන්ටත් යනඑන මං නෑ !

colombotoday

උසාවි තහනමත් නොතකා මුතුරාජවෙල ගොඩකරයි

colombotoday

ගම්මන්පිලට එරෙහි විශ්වාසභංග විවාදයට ගැනීම ජුලි 19, 20

colombotoday

කුරුණෑගල නගරාධිපති තනතුරේ වැඩ බලන නගරාධිපති වැඩබාරගනී

Admin

රවී දැඩි කළකිරීමෙන්… බරපතල දේශපාලන තීන්දුවක් ගැනීමට සූදානම් !

colombotoday

ඌරන්ට ඇටවූ විදුලි රැහැනක පැටලී පුද්ගලයෙකු මරුට

Admin