Colombo Today Local News

ආබාධිත රණවිරුවන්ට දුන් “යහපාලන ගුටි උපහාරය“ ගැන ඥාණසාර හිමි බරණැස සිටි කියපු දේ (Video)

2359532ජීවිත පරිත්‍යාගයෙන් යුද වැදී රටට සාමය උදාකරදීම වෙනුවෙන් අත් පා කැප කළ වීරෝධාර රණවිරුවන්ට වත්මන් ආණ්ඩුව සළකන ආකාරය ඉතාමත් නින්දාසහගත බවත්, මෙවැනි ක්‍රියා තවදුරටත් ඉවසීමට අතීතය අමතක නැති ජනතාව තව දුරටත් සූදානම් නැති බවත් බොදුබල සේනා සංවිධානයේ මහලේකම්, රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසයි.

බරණැස ඉසිපතනාරාමයේ කඨින පින්කම සදහා ඉන්දියාවට වැඩමකර සිටින ඥාණසාර හිමියන් මේ බව පැවසුවේ සේවා විශ්‍රාම වැටුප් ඉල්ලා උපවාසයේ නිරතවූ ආබාධිත රණවිරුවන්ට ඊයේ එල්ලවූ පොලිස් ප්‍රහාරය හෙළාදකිමින් මෙලෙස පැවසීය.

යහපාලන ආණ්ඩුවේ නිවට නායකයන් අද නිදහසේ කටයුතු කිරීමට ඉඩ ලැබී ඇත්තේ මේ රණවිරුවන් අත්,පා පූජාකරමින් සිදුකළ අසමාන කැපකිරීම නිසා බවත් අන් සියල්ලටම වඩා ඔවුන්ගේ ඉල්ලීම්වලට ප්‍රමුඛතාවය ලබා දීම ජාතික යුතුකමක්ව පවතිද්දී, මෙලෙස රණවිරුවන්ට පහර දෙන ආණ්ඩුව ජනතාව හෙණ ඉල්ලනු ඇති බවත් උන්වහන්සේ පැවසීය. අත්වෙමින් පවතින අවාසනාවත්න ඉරණමින් මේ රට ගලවාගැනීමටනම් යහපාලන නඩය ගෙදර යවනවා හැර වෙන කරන්නට දෙයක් ඉතිරී වී නැති බවද උන්වහන්සේ අවධරණය කර සිටියහ.

Related posts

“රටට තියා දායකයන්ටවත් මූණ දෙන්න බෑ“ – රතන හිමි තීන්දුවක් ගන්න යයි

colombotoday

බස්නාහිරින් පිටවීමේ තහනම ඉවතට | සීමාවන්ට යටත්ව බස් සහ දුම්රිය ධාවනය යළිත්..

colombotoday

ඇමති චම්පිකගේ රියට යටවූ සංදීප්ට සාධාරණය ඉටු කරන්න.. යුක්තියේ මව් පෙරමුණ විරෝධතාවක

colombotoday

“ගෝඨාභයව ආදර්ශයට ගන්න.. සිහින විකිණීම නවතා වැඩට බසින්න” උදය ආණ්ඩුවට කියයි

colombotoday

ගෝඨාබය රාජපක්ෂ ඇමරිකානු පුරවැසිභාවය සම්පුර්ණයෙන්ම ඉවත් කර ගනියි. ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයකුත් ඉල්ලුම් කරයි

colombotoday

සෞඛ්‍ය කාර්යමණ්ඩල කොවිඩ් වෛරසයට ගොදුරුවීමේ ප්‍රවණතාවයක්.

colombotoday