Colombo Today Local News

“ලාච්චුව ඇරල දෙනව වගේ සල්ලි දෙන්න බෑ.. උද්ඝෝෂණය අසාධාරණයි“ ආරක්ෂක ලේකම්

karunasena hettiaracchi

විශ්‍රාමික ආබාධිත රණවිරුවන්හට සේවා විශ්‍රාම වැටුපක්‌ 2017 වසරේ සිට ලබාදීමට රජය කටයුතු කර තිබියදී ඔවුන් අසාධාරණ ලෙස උද්ඝෝෂණයක නිරතවීම පිටුපස රජයට එරෙහි දේශපාලන වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක වන බව පැහැදිලි යෑයි ආරක්‍ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්‌ටිආරච්චි මහතා පැවසීය.

ඔවුන්ට 2008- 2009 දක්වා ප්‍රශ්න 28ක් තිබූ බවත්, ඉන් 25ටම තමන් විසඳුම් දුන් බවත්, කොළඹදී ඊයේ මාධ්‍යවේදීන් අමතමින් ඔහු කියා සිටියේය.

එසේම ත්‍රිවිද හමුදාවේ විශ්‍රාම හා පාරිතෝෂික රේගුලාසිවල වගන්ති දෙකක් වෙනස් කර ඔවුන් සඳහා ලබන පෙබරවාරි මාසයේ සිට විශ්‍රාම වැටුපක් ලබාදීමට ඊයේ තීරණය කළ බවත්, විශේෂයෙන් 2017 අය වැයෙන් ඒ සඳහා මුදල් වෙන්කරන ලෙසට ජනාධිපතිවරයා මැදිහත් වී අවශ්‍ය කටයුතු කළ බවත්, ඒ ගැන ජනමාධ්‍යය මගින් පවා ප්‍රසිද්ධ කළ බවත් ඒ මහතා පෙන්වාදුන්නේය.

සේවා විශ්‍රාම වැටුප ලබාදීමට තීරණය කිරීම තුළ අවුරුදු 10ට හා අවුරුදු 12ට අඩුවෙන් සේවය කළ සෑම රණවිරුවෙකුටම එය බලපාන බවද පෙන්වාදුන් ආරක්ෂක ලේකම්වරයා “මේවා අපේ ලාච්චු ඇරලා සල්ලි දෙනවා වගේ නෙවෙයි“ මුදල් වියදම් කරද්දී පාර්ලිමේන්තුවේ අවසරය ගත යුතු බවද කියා සිටියේය.

Related posts

පාස්කු ප්‍රහාරය ඇතුළු තවත් සිදුවීම් ගණනාවක් ගැන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කනස්සල්ල

Admin

ප්‍රකාශය වහාම නිවැරදි කළ යුතුයි.. ජනපති වැඩ කළ යුත්තේ අපි කියන විදිහටයි

colombotoday

මහින්ද පන්නා 3/2 හදා ව්‍යවස්ථාව සම්මතකර ‘අසුර කල්ලියේ‘ කුමන්ත්‍රණය ක්‍රියාත්මකයි…

colombotoday

සියලු නිවාසවලට පිරිසිදු පානීය ජලය ලබා දීම- වැඩසටහනේ ඉදිරි සැලසුම් ජනාධිපතිගේ විමසුමට

colombotoday

මහනුවර කලහයේ ඇත්ත සුලමුල ලෝකයට හෙළිකළ ඉන්දීය මාධ්‍ය වාර්තාව සිංහලෙන් (Video)

colombotoday

2028 දී තියෙන්නෙත් මාලිමා ආණ්ඩුවමයි

Admin