Colombo Today Local News

ආණ්ඩුවට ගිය අපේ අපේ සමහරු එහෙ ඉන්නේ හිතකින් නෙවෙයි.. අද වුණත් එන්න ඒ අය ලෑස්තියි

mahinda-r33

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජාතික ආණ්ඩුවට සම්බන්ධ වී සිටින අමාත්‍යවරුන් සිටින්නේ කලකිරීමෙන් බවත්, ඔවුන් තමන් සමග එක්වීමට සාකච්ඡා පැවැත්වූ බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

උඩුගම්පොළදී පැවැති ජන හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.

එහිදී අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා,

“උතුරේ ඇතිවෙලා තියෙන ආවා ගෲප්එක අපේ කාලේ ගෝඨාභය හිටපු ආරක්‍ෂක ලේකම්තුමා හැදුවයි කියලා සමහරු අපිට චෝදනා කරනවා. අපි කවදාවත් ඔය වගේ දේවල් කරලා මේ රටටත් ජනතාවටත් ද්‍රෝහි වෙන්නෙ නෑ. අබැටකතරම්වත් එහෙම ද්‍රෝහි වෙලත් නෑ.

විදේශීය බලවේග එකතුවෙලා තමයි මට අපේ ආණ්ඩුවට විරුද්ධව කුමන්ත‍්‍රණය කළේ. දැන් මිනිස්සුන්ට මේක ටිකටික තේරෙන්න පටන් අරන්. දෙමළ, මුස්ලිම්, ජන කොටස් සංවිධාන දැන් අපි එක්ක සාකච්ඡා කරගෙන යනවා. ඒ අය දන්නවා ඒ අයටත් වැරදුනා කියලා.

මහ බැංකු හොරකම ආසියාවේ සිදුවුණු විශාලම මංකොල්ලය. මේ ගනුදෙනුවෙන් ආණ්ඩුවේ ගජ මිතුරෝ බිලියන ගණනින් ලාභ ලබනවා. මේ හොරකමට ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු යහපාලන ආණ්ඩුවම වග කිව යුතුයි. මේ චෝදනාවට ලක්වෙලා තියෙන සියලු දෙනාටම විරුද්ධව වහා පියවර ගත යුතුයි. මේ ආණ්ඩුවේ ඉන්න අයට විරුද්ධව සී.අයි. ඩී. එකවත්, එෆ්.සී.අයි.ඩී. එකවත් පියවර ගන්නෙ නෑ.

ඔය ආණ්ඩුවට ගිහින් ඉන්න අපේ සමහරු ඉන්නෙ හිතකින් නෙමෙයි. මේ ඊයේ, පෙරේදාත් සමහරු මට කතා කරලා කිවුවේ අද වුණත් එන්න පුළුවන් කියලයි.”

Related posts

පාසැල් දරුවන්ට මත්වෙන සීනිබෝල විකිණූ මොහොමඩ් රිමාන්ඩ් !

colombotoday

ගතවූ මාස 6තුළ කෝටි 2100ක විදේශ ආයෝජන ආපහු අරන් ගිහින්

colombotoday

කෝප් කමිටුවෙන් අනුර ඉවත් වෙයි

Admin

සතොස ආනයනය කරන සහල් තොග අස්සේ සගවා කොකේන්-කුඩු තොග පිටින් ගෙන්වයි !

colombotoday

ICBT Campus හී TEVEC ලියාපදිංචිය කල් ඉකුත්වේ.- අප්‍රේල් සිට පාඨමාලා පැවැත්වීමට TEVEC අවසරයක් නෑ – Updated

colombotoday

සැමියාගෙන් වෙඩි කෑ බිරිඳ මරුට

colombotoday