Colombo Today Local News

අන්ධ භක්තියට මිනිස්කම යටවූ, අශිෂ්ඨත්වයේ කතාව තව්හිද් ජමාත්ලාගේ කටින් පැන්නේ මෙහෙමයි (Video)

islam-child-rape

විවාහ වීම සදහා ඉස්ලාම් ආගමේ වයස් සීමාවක් පණවා නොමැති බවත්, දැරියන් වැඩිවියට පත්ව ඇතිනම් වයස් සීමාවකින් තොරව ඇයව විවාහ කරගැනීමේ අයිතිය මුස්ලිම් පුද්ගලයෙකුට හිමිවන බවත්, එම අයිතිය නැති කිරීමට කිසිවෙකුට ඉඩ නොදෙන බවත් තව්හිද් ජමාත් සංවිධානය පවසයි.

එහි ලේකම් අබ්දුල් රාසීක් මේ බව පැවසුවේ ඉස්ලාමීය ශරියා නීතිය අනුව බාල වයස්කාර දැරියන් විවාහ කරගැනීමට මුස්ලිම් පුද්ගලයන්ට ලබා දී ඇති අවසරය වෙනස් නොකරන ලෙස රජයට බලකරමින් පසුගියදා කොළඹදී පැවති විරෝධතාවකදීය.

ඉස්ලාම් ආගම අනුව දැරියක වැඩිවියට පත්ව ඇත්නම් වයස අවුරුදු 12ට අඩු වුවත් පල්ලියේ කාතිවරයාගේ අවසරය මත විවාහ කරගත හැකි බවත්, එසේ විවාහ කරගන්නේ අවශ්‍යතාවයන් තෘප්තිමත්කරගැනීමට බවත් ඒ සදහා වයස අවුරුදු 12 ද, 10, 8 ද යන්න වැදගත් නොවන බවත් ඔහු පවසයි. වැඩිහිටි බව තීරණය වන්නේ ශාරීරික වෙනසකම් මත නොව මානසික තත්ත්වය මත බවත්, ඒ අනුව දැන් වසය අවුරුදු 8, 10 ගැහුණු ළමයින් පවා වැඩිහිටි ලක්ෂණ පෙන්නුම් කරන බැවින් ඔවුන් වැඩිහිටියන් සේ සලකා විවාහකරගෙන ශාරීරික අවශ්‍යතා සපුරාගැනීමට මුස්ලිම් භක්තිකයන්ට අවසර ලැබිය යුතුබවත් අබ්දුල් රාසික් කියයි.

Related posts

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ වඩාත් සුක්ෂමව

colombotoday

ඇමතිකමක් නොමැති හේතුව – ගම්මන්පිලගෙන් නිවේදනයක් !

colombotoday

“රනිල්-මෛත්‍රී ආණ්ඩුවට සුදුහුණු ගාන වියන්ගොඩලා තරම් අපරාධකරුවන් තවත් නෑ” – නිර්මාල් රංජිත්

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ප්‍රමාද වීම ගැන පරීක්ෂණයක්

colombotoday

මානව හිමිකම් සුරැකීම ශක්තිමත් කිරීමේ ප්‍රගතිය අවමයි – හියුමන් රයිට්ස් වොච් කියයි

colombotoday

රජයේ වියදම කෝටි 76000 කින් අඩු කරයි… 2017 අයවැය විසර්ජන පනත මැතිසබයට

colombotoday