Colombo Today Local News

ශරීයා මූල්‍යකරණය නීතිගත කරන්න මුස්ලිම් ඇමති පිරිසකට සෞදියෙන් ඩොලර් මිලියනයක අල්ලසක් !

msl266

ශ්‍රී ලංකාව තුළ ශරීයා මූල්‍ය නීතිය නීතිගත කිරීම සදහා අවශ්‍ය කටයුතු කිරීම සදහා මුස්ලිම් අමාත්‍යවරයෙකුට සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකුට සෞදි අරාබියෙන් ඇමරිකානු ඩොලර් මිලියනයක සන්තෝෂමක් ලබා දී ඇති බව අභ්‍යන්තර දේශපාලන තොරතුරු මාර්ගවලින් අනාවරණය වනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව සෞදි අරාබියේ IDB ඉස්ලාමීය සංවර්ධන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් ලබා ගැනීම සදහා මහ බැංකු අධිපති අර්ජුණ මහෙන්ද්‍රන් සෞදියේ සංචාරයක නිරතවෙමින් සාකච්ඡා පවත්වා ඇත. ඉස්ලාමීය සංවර්ධන බැංකුව ඉස්ලාම් ආගමික ශරීයා නීතිය පදනම්කරගෙන මූල්‍ය කටයුතු සිදුකරන ආයතනයක් වන අතර එහි සියලු මෙහෙයුම් සිදුවනුයේ ශරීයා නීතිය පදනම්වයි. ශරීයා නීතිය පදනම්ව සිදුකරන මූල්‍ය කටයුතු වලදී ගනුදෙනුකාර පාර්ශව එම නීතියට අනුගත වීම එහි මූලධර්මයක් වන අතර මූල්‍ය ආයතනද ශරීයා නීතියට අනුකූලව ප්‍රතිසංස්කරණය කිරීමට සිදුවේ. අදාළ ණය මුදල ලබා ගැනීමේ පූර්ව කොන්දේසියක් ලෙස ශ්‍රී ලංකාව ඉස්ලාමීය සංවර්ධන බැංකුවේ සාමාජිකත්වය ලබා ගැනීමට නියමිතව සිටින අතර ඒ අනුව ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය ශරීයා මූල්‍ය නීතියට අනුකූලවන පරිදි ප්‍රතිසංස්කරණ කිරීමට සිදුවේ.

මෙයට විරෝධය පලකරමින් ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතියට ආගමික නීති හදුන්වාදීමට එරෙහිව බොදු බල සේනා සංවිධානයද ඉකුත්දා ලිඛිතව ජනාධිපතිවරයා දැනුවත් කිරීමට කටයුතු කර තිබුණු අතර ඒ පිළිබදව විමසමින් ජනාධිපති අතිරේක ලේකම් එස් කොඩිකාර මහතා විසින් 2016 මාර්තු 01 දාතමින් යුතුව ආර්ථික කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලිපියක් යොමුකර ඇත.

කෙසේ හෝ මෙම ණය මුදල ලබාගෙන ඉස්ලාමීය සංවර්ධන බැංකුවේ සාමාජිකත්වය ලබා ගැනීම සදහා ශ්‍රී ලංකා මහ බැංකුව මෙහෙයවීමට සෞදිය ක්‍රියාත්මක වෙමින් සිටින අතර ඒ හරහා ඉස්ලාමීය ශරීයා නීතියට ශ්‍රී ලංකාවේ පදනම දැමීම ඔවුන්ගේ අරමුණ වී තිබේ. එහි මූලික පියවර ලෙස ඉස්ලාමීය සංවර්ධන බැංකුවෙන් අදාල ණය මුදල ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය පෙළඹවීම සදහායි අදාළ මුස්ලිම් ඇමතිවරුන්ට ඩොලර් මිලියනයක අල්ලස ලබා දී තිබෙන්නේ. ඒ අනුව ඉතා ඉක්මනින් එම ණය මුදල ලබා ගැනීමේ වැදගත්කම පාර්ලිමේන්තුවේදී පෙන්වා දීමටද අදාළ ඇමතිවරුන් සූදානම්ව සිටින බවට තොරතුරු වාර්තා වේ.

බොහෝ දුරට එම ප්‍රකාශය නැගෙනහිර පළාත නියෝජනය කරන නියෝජ්‍ය අමාත්‍යවරයෙකු විසින් හෙට දිනයේදී පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට ඉඩ ඇති බවට ‍වැඩිදුරටත් එම තොරතුරු මාර්ග අනාවරණය කරයි. කෙසේ වෙතත් ‍සෞදි ඉස්ලාමීය සංවර්ධන බැංකුවෙන් ණය ලබා ගැනීම සාධාරණීකරණය කිරීමට ඉදිරිපත්වීම හරහා ඩොලර් කුට්ටි පිටින් ගිල්ල ඔවුන්ගේ නිරුවත ඉතා නුදුරේදීම රට වැසියන්ට දැකබලා ගැනීමට හැකිවනු ඇත.

Related posts

කෝවිල හදන්න එපා – මුස්ලිම් පිරිස් මනෝ ගනේෂන්ව වටකර උද්ඝෝෂණයක

colombotoday

එදා කම්කරුවන්ගේ ලෙයින් රතු වූ රතු කොඩිය, අද අගමැති මන්දිරයේ වළං බාන රෙදි කෑල්ලක්…

colombotoday

GSP+ මේ වසර අවසානයේ ලැබෙයි – අගමැති (VIDEO)

colombotoday

ජගත් මනුවර්ණ විපක්ෂ නායක ඝා-තනය කරන්න හදලා

Admin

විජේදාස සියළු තනතුරුවලින් ඉවත් කරන්න ජනපතිට දැන්වූවා.. එජාප නිල නිවේදනය මෙන්න

colombotoday

මෙරටදී පළමු වරට මවක් සය නිවුන් දරුවන් බිහි කරයි

colombotoday