තමාගේ දැනුමට අනුව ආවා කල්ලියේ ක්‍රියාවන් පිටුපස හමුදාවේ කිසිම සම්බන්ධයක් නොමැති බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජීනෝල්ඩ් කුරේ මහතා පැවසීය. උතුරේ සිදුවන විවිධ පාතාල ක්‍රියා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුදැනුම මත හමුදාව විසින් මෙහෙයවන බවට රාජිත සේනාරත්න මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද(04දා) මාධ්‍ය හමුවක අදහස් දක්වමින් ඒ මහතා මේබව කියා සිටියේය.
එමෙන්ම ඒ පිළිබඳව රාජිත සේනාරත්න මහතාට ප්‍රශ්නයක් තිබේනම් ඒ පිළිබඳව විවිධ ප්‍රකාශයන් මාධ්‍යට ඉදිරිපත් කිරීම නොව හමුදාව, පොලීසිය, අගමැති, ජනාධිපති යනාදී වගකිව යුතු පිරිස් දැනුවත් කර ඒ පිළිබඳව පරීක්ෂණ කළ යුතුව තිබූ බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය. බොහෝ දේශපාලන නායකයන් ජනතාව කොටවමින් ඉතාම ඉක්මනින් බලයට ඒමට උත්සහා කරන බවත්, අවසානයේදී එම ප්‍රශ්න වලින් දුක්විඳින්නේ අහිංසක ජනතාව පමණක් යැයිද ඒ මහතා කීය.