එදා පාර්ලිමේන්තුවේදී රනිල් වික්රමසිංහ මහතා හැසිරුණේ හස්තිරාජ මදන මෝදකය කාලා වගේ. හොරා හොරා කියලා එදා රනිල් මහත්තයා කෑ ගැහුවට කවුද හොරා කියලා කවුරුත් දන්නවා” යැයි පාර්ලිමේන්තු මන්ත්රි බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ යළිත් අපි රට හදමු තේමාවෙන් පෙරේදා (14දා) පානදුර නගරයේදී පැවැති ඒකාබද්ධ පොදුජන පෙරමුණේ ජන රැලියට එක්වෙමින්ය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කර සිටියේ, මංගලගේ අය-වැය නීල හරිත අය-වැයක් වෙනුවට බියර් සහිත අය-වැයක් බවට පත්වුණු බවයි.