Colombo Today Local News

ජනාධිපති කොමිසම ගුවන්සේවා අධිකාරියට විරුද්ධව දූෂණ විමර්ශන අරඹයි!

පසුගිය කාලය පුරාවට සිවිල් ගුවන්සේවා අධිකාරිය විසින් සිදුකරන ලදැයි සැලකෙන විශාල පරිමාණයේ මූල්‍ය අක්‍රමිකතා සහ දූෂණ පිළිබඳ සෙවීමේ කටයතු ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් ආරම්භ කොට ඇත. අදාළ කටයුතු ආරම්භ කරමින් ගුවන්සේවා අධිකාරිය විසින් සිදුකළ අක්‍රමිකතා වලට අදාළ ලිපිගොනු සියල්ල වහාම ක්‍රියාත්මක වන පරිදි සතියක් තුළ ජනාධිපති කොමිසම වෙත ලබාදෙන ලෙස ලිපියක් මගින් නියෝග  කොට ඇත.

වර්තමාන අධ්‍යක්ෂ ජනරාල්වරයා තම හිතවතුන් පිනවීම වෙනුවෙන් ලබාදුන් විදේශ සංචාර, විවිධ අමාත්‍යවරුන් පිනවීම වෙනුවෙන් ලබාදුන් අවිධිමත් තනතුරු, නාස්තිකාර ප්‍රවර්ධන වැඩසටහන් වෙනුවෙන් මහජන මුදල් කෝටි ගණන් වැය කිරීම, රජයේ වාහන අවභාවිතය, නාස්තිකාර ඉන්ධන වියදම් සහ පසුගිය වසර 05 සඳහා අධිකාරිය ඉපයූ මුදල් පිළිබඳ තොරතුරු මෙසේ ලබාදෙන ලෙස ජනාධිපති කොමිෂන් සභාව විසින් නියෝග කොට ඇත.

2002 වසරේ ගුවන්සේවා දෙපාර්තමේන්තුව අධිකාරියක් කළ දිනයේ පටන් වසර 15ක් පුරාවට ඒකාධිපති පාලනයක් ගෙන යමින් සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් තනතුර මෙන්ම ප්‍රධාන විධායක නිලධාරී තනතුරද තමා සතුව තබා ගනිමින් කරන ලද මේ සියලු දූෂණ, අක්‍රමිකතා සඳහා වත්මන් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රසේන නිමල්සිරි වගකිව යුතු බව අධිකාරියේ සේවකයෝ පවසති.

යහපාලන රජය විසින් පිහිටුවන ලද කොමිෂන් සභා නොවන්නට මේ මහා පරිමාණ දූෂණ හා අක්‍රමිකතා ගොන්න නිසොල්මනේ වැළලී යාමට තිබූ බවත් මේ ආකාරයෙන් මහජන ධනය හොරා කෑ පිරිස් වෙත හැකි ඉහළම දඬුවම් ලබාදිය යුතු බවත් අධිකාරී සේවකයෝ පවසති.

Related posts

නෙළුම් පොකුණ අසලින් ටවුන්හෝල් දක්වා මාර්ගය තාවකාලිකව වසාදැමේ

Admin

කොරෝනා මර්දනයට ජනපති නියමයෙන් තීරණ රැසක්

colombotoday

සීගිරි ළදුන්ගේ සිරි තෙවන ඇසින් නැරඹීම අද සිට තහනම්

colombotoday

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නීත්‍යානුකුලව භුක්ති විඳීම වළක්වාලමින් හදිසි නීතිය අවභාවිතා කිරීම හෙළා දකිනවා

colombotoday

ගුරුවරිය දණ ගැස්සූ නඩුවෙන් පා. මන්ත්‍රී චාමර සම්පත් නිදහස්

colombotoday

රණවිරු සුනිල් රත්නායකට සමාවදීම ගැන ක්ෂමා සංවිධානයේ කනගාටුව

colombotoday