දේශපාලන මතය කෝප් කමිටුව තුලට ගෙන නොඑන්නැයි කෝප් සභාපති සුනිල් හදුන්නෙත්තිගෙන් තමන් ඇතුළු පිරිස ඉල්ලා සිටි බව නියෝජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි.
සමුලුවකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ අධිකරණයට ගොස් බැදුම්කර සිද්ධිය පිළිබදව හරි දේ ඔප්පුකිරීමට තමන් බලාපොරොත්තු වන බවයි.
අපිට ගහල අපිව නැති කරල නැවත ඒකාධිපතිවරු මේ රටේ බලයට පත් කර ගන්න එපා යැයිද නියෝජ්‍ය ඇමතිවරයා කියා සිටියේය.