Colombo Today Local News

2017 අයවැයෙන් සෑම පුරවැසියෙකුටම ආදායම් බදු.. ආදායම කීයක් වුවත් 5%ක් රජයට ගෙවන්න වෙයි

tax 23

ඉදිරිපත් කිරීමට නියමිත 2017 අයවැය හරහා රටේ සෑම පුරවැසියෙකු විසින්ම සෘජුවම ගෙවිය යුතු වන නව බද්දක් හදුන්වාදීමේ සූදානමක් ඇතැයි වාර්තා වේ.

සෑම පුද්ගලයෙකුම තමන් උපයන මුදලින් 5%ක බද්දක් රජය වෙත ගෙවීමට නියමිත වන අතර එහිදී උපයන මුදල කොපමණද යන්න සැලකා නොබැලෙන බවද සදහන් වේ.

මෙම යෝජනාව මුදල් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර තිබෙන්නේ 2017 අයවැය සම්බන්ධව මෙරට ඍජු බදු ගෙවන ප්‍රධාන පෙළේ සමාගම් කිහිපයක ප්‍රධානීන් පසුගිය දා මුදල් අමාත්‍යාංශය සමඟ පැවැත්වූ සාකච්ඡාවකදීය.

මෙරට ක්‍රියාත්මක වන බදු ප්‍රතිපත්තිය යටතේ බොහෝ දෙනෙකු බදු ගෙවීම් පැහැර හරින තත්ත්වයක් පෙන්නුම් කරන බවත් ඊට පිළියමක් ලෙස සෑම පුද්ගලයෙකුම ආවරණය වන පරිදි උපයන මුදලින් බද්දක් අයකල යුතු බවත් මෙම සමාගම් ප්‍රධානීන් යෝජනා කර ඇත.

Related posts

දෘෂ්‍යාබාධිත සභාපති මාලිමා ජාතික ලැයිස්තුවට

Admin

“ජන මතයට බිය නැත්තම්, පළාත් පාලන මැතිවරණය තියල පෙන්වන්න” – විමල්

colombotoday

ලයිට් කැපූ අල්ලපනල්ලේ එජාප පාක්ෂිකයෝ තොගයක් කොළඹ එති.. කා, බී, නටා ගයා ප්‍රීති වී වෙනස සැපයි කියති

colombotoday

ඉන්දීය ණය ගෙවන්න වසර 12ක් ලැබෙයි

Admin

අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ලට උපදේශකයින් 56 ක්. ලේකම්වරු 94 ක්. සමහරුන් O/L අසමත්

colombotoday

ධීවරයන්ට බෙදා දීමට ගෙනා ටැබ් 1500ක් අතුරුදන් !

colombotoday