අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන එන විශ්වාසභංග යෝජනාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊයේ දිනය වනවිටත් අත්සන් කර නොතිබූ බව වාර්තා වනවා. එයට හිටපු ජනාධිපතිවරයා අත්සන් කිරීම අවශ්‍ය නොවන බවයි ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ අදහස වී ඇත්තේ. ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ මන්ත්‍රීවරුන් 52 දෙනෙකු එයට අත්සන් කර ඇති අතර මහින්ද රාජපක්ෂ මහතාට අමතරව විදෙස් ගතව සිටින මන්ත්‍රී රොෂාන් රණසිංහ පමණක් එයට අත්සන් කර නැහැ.
previous post