උඩරට දුම්රිය මාර්ගයේ ග්රේස්වෙස්ටන් හා නානුඔය දුම්රිය ස්ථාන අතර අද පස්වරු 3.00ට පමණ දුම්රියක් පිළි පැන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව උසස් නිලධාරියෙක් සඳහන් කරයි.
බදුල්ල දුම්රිය ස්ථානයෙන් පෙරවරු 10.15ට කොළඹ කොටුව බලා ධාවනය කරමින් තිබූ දුම්රියේ නැරඹුම් මැදිරිය පිලී පැනීමකට ලක්ව ඇති බව ද මේ හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා ඇති වී ඇති බවද එම නිලධාරියා වැඩිදුරටත් පවසයි.