ලංකා විදුලිබල මණ්ඩලය සතු විදුලි බලාගාර විදේශිය සමාගම්වලට විකිණීමට එරෙහි ලංකා විදුලිබල මණ්ඩලයේ සියලූ වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කළ විරෝධතාවක් කොළඹ කොටුව ලංකා විදුලිබල මණ්ඩල මුලස්ථානය ඉදිරිපිටදී තෙවන දිනටත් අද (05)දින පැවැත්වුණී.
රටපුරා ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් විශාල පිරිසක් මෙම විරෝධතාවයට සහභගී විය.