Colombo Today Local News

ගිනිඅවි තුනක් සහ ගංජා ගස් සමඟ අයෙක් අත්අඩංගුවට

මොණරාගල දඹගල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් දඹගල්ල කහගොල්ල තලාව ප්‍රදේශයේ සිදු කල වැටලීමකදී ගිනිඅවි තුනක් සහ ගංජා ගස් විසි හතරක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙරට නිෂ්පාදිත එම ගිනිඅවි සැකකරු විසින් ප්‍රදේශයේ කැලෑවක සගවා තිබියදී පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර ගංජා ගස් ද එම ඉඩම තුළ වගා කර තිබූ බව සඳහන් වේ.

අත්අඩංගුවට ගත් සැකකරු එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකු වන අතර සැකකරු සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් දඹගල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ලබයි.

Related posts

සහල් හොරෙක් හෙරොයිනුත් එක්ක මාට්ටු

colombotoday

ලංකාව ආක්‍රමණයට ඉන්දියාවෙන් කුලී හමුදාවක් ! – වාසු අනතුරු අගවයි

colombotoday

”ජනතාව දැන් හන්දි ගානේ මේ ආණ්ඩුවේ අයගේ මව්ගුණ ගයනවා” – බද්දේගම සමිත හිමි

colombotoday

අපි කාගෙවත් පැත්තක් ගන්නේ නෑ… මහින්ද අගමැති සේ පිළිගන්නෙත් නෑ…

colombotoday

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

colombotoday

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ බස්නාහිර පොලිස් නිලධාරින් 37ක් ගැන තීරණයක්

colombotoday