Colombo Today Local News

සූර් වී ආ සහෝදරයා සහෝදරියට පිහියෙන් ඇනලා

බීලා එන්න එපා කීවැයි එළවළු කපන පිහියෙන් සිය සහෝදරියගේ පිටට ඇන්න පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව අලුත්ගම පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බේරුවල, පාදාගොඩ, කෝපිවත්ත ප්‍රදේශයේ පදිංචි 28 හැව්රිදි පුද්ගලයකු බව පොලිසිය සඳහන් කරයි.

නව අවුරුදු උදාවූ දින තවත් සහෝදරයෙකු සමග මැදියම් රැය වනතුරු මත්පැන් පානය කල දෙදෙනා තුවාල කාරියගේ නිවසට පැමිණ ඇති බවත්, එහිදී ඇය බැනවැදීමෙන් පසු මුළුතැන්ගෙයි තිබූ එළවළු කපන පිහිය ගෙන පිටට ඇන ඇති බවත් පොලිසිය කියයි.

තුවාලකාරිය දර්ගා නගරයේ ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට යොමුකර ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කරයි.

Related posts

කොළඹ වාරයේ සිට සිංගප්පූරුව දක්වා ගමන් කරමින් සිටි MSC Messina නෞකාවේ ගින්නක්

colombotoday

හදිසියේම මහින්දට රෝසිගෙන් ලිපියක්…

colombotoday

දෙල්කඳ දී පොලිසියට තග දැමූ පුද්ගලයා අත්අඩංගුවට

Admin

88-89දී දිවි පිදූ 60,000ක සොහොන් කොත්වලට ජවිපෙ මුත‍්‍රා කරා..

colombotoday

නාමල් රාජපක්ෂ ශ්‍රීලනිප අතහැර පොහොට්ටුවට එක් වේ…

colombotoday

ඇලහැර අභයභූමිය තුල අලි සිගිත්තෙක් මිය යයි.

colombotoday