නාරම්මල පොලිස් වසමේ වෙඩිතැබීමෙන් පුද්ගලයෙක් ඝාතනය වීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් ක්රියාකළ ආකාරය සම්බන්ධයෙන් සොයාබැලීමට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත විශේෂ පරීක්ෂණයක් සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොමුකර ඇති බව මහජන ආරක්ෂක අමාත්යංශය පවසයි.
මෙම සිද්ධිය පිළිබඳව විශේෂ පරික්ෂණයක් මේ වන විටත් ආරම්භ කර ඇති බවත් මියගිය රියදුරුගේ පවුලට ශ්රී ලංකා පොලිසියේ මැදිහත්වීමෙන් සහන සැළසීමට නියමිත බවත් එම අමාත්යංශය වැඩි දුරටත් සඳහන් කරයි.