Colombo Today Local News

ශ්‍රී ලංකාවේ යුක්තිය පසිඳලීමට අලුත් නීති ගේන්නේ අන්තර්ජාතික ප්‍රමිතියට අනුකූලවයි

ශ්‍රී ලංකාවේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට නව නීති සහ රෙගුලාසි ගෙන එන්නේ අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූල විනිවිදභාවය ආරක්ෂා කරමින් බව අධිකරණ බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක Marc- Andre-Franche මහතා අමතමින් ප්‍රකාශ කළේය.

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක සහ අධිකරණ ඇමතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් අධිකරණ අමාත්‍යාංශයේ දී අද(19)දින පැවැති අතර ලෝකයේ රටවල යුක්තිය පසදලීමේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමේ කාලයේදී එක්සත් ජාතීන්ගේ මානසිකම් කොමිසමේ අත්දැකීම් සම්බන්ධයෙන් සම්බන්ධීකාරකවරයා ඇමතිවරයා සමඟ අදහස් හුවමාරු කර ගැනීම සිදු විය.

ඉදිරියේදී ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සමඟ එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද නීතිය ආධිපත්‍ය තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකාව ගන්නා උත්සාහයේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මාර්ගෝපදේශයන් සහ මග පෙන්වීම් වඩාත් වැදගත් වන බවද ඇමතිවරයා මෙහිදී පෙන්වා දී තිබේ.

Related posts

ශ්‍රී ලංකාව මන්දපෝෂණ‍යෙන් ලෝකයේම 5වන තැනට

Admin

“දෙමටගොඩ රුවන්” ගේ රුපියල් කෝටි 40 ක හෝටලයක් CID භාරයට.

colombotoday

“නව ව්‍යවස්ථාවට මාත් එකඟ නෑ.. ඒ සදහා ජනපතිට ජනවරමක් ලැබිලත් නෑ“ – රතන හිමි

colombotoday

රෝහල් ශීඝ්‍රයෙන් පිරී යමින් පවති – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය

colombotoday

හොර පාරෙන් ගෙනා ‍සන්නිවේදන උපකරණ සමඟ තිදෙනෙක් කටුනායකදී අල්ලයි

Admin

තේ අපනයනය පහත වැටේ.. සත්වසරකදී අඩුම අපනයන 2016 දී

colombotoday