World

රතු මුහුදේදී අමෙරිකානු නෞකාවකට හූති කැරළිකරුවන්ගෙන් ඩ්‍රෝන ප්‍රහාර

රතු මුහුදේදී අමෙරිකානු නෞකාවකට හූති කැරළිකරුවන් ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර තිබේ.

අමෙරිකානු හමුදාව ප්‍රකාශ කරන්නේ, හූති කැරළිකරුවන් එල්ල කරන ලද ඩ්‍රෝන යානයක් නෞකාවේ ගැටුණු නමුත් නෞකාවට බරපතළ හානියක් සිදුව නොමැති බවයි.

හූති කැරලිකරුවන් “ගෝලීය ත්‍රස්තවාදීන්” ලෙස නම් කර ඇති බව අමෙරිකානු ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවන් ප්‍රකාශ කළේ ය.

ඒ, රතු මුහුදේ නෞකාවලට හූති කැරළිකරුවන් එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙනි.

හූති කැරළිකරුවන් රතු මුහුද හරහා ගමන් ගන්නා නෞකාවලට පරදීම ආරම්භ කර සිටියේ, හමාස් සංවිධානයට සහාය පළ කරමිනි.

ඊශ්‍රායලය වහා ගාසා තීරයෙන් ඉවත් විය යුතු බවත් හමාස් සහ පලස්තීන ඉලක්ක වෙත පහරදීම වහා නවතා දැමිය යුතු බවත් හූති කැරළිකරුවන් ප්‍රකාශ කළහ.

Related posts

යුක්‍රේනයේ නගර රැසකට පහර දුන් රුසියාවේ දිගුදුර බෝම්බ ප්‍රහාරක යානයක් විනාශ කරයි

Admin

ඉන්දීය හමුදා කදවුරකට ත්‍රස්ත ප්‍රහාරයක්

colombotoday

ස්පාඤ්ඤයේදී නීති විරෝධී දුම්කොළ නිෂ්පාදනය කළ යුක්‍රේනියානුවන් 27ක් අත්අඩංගුවට

Admin

ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ අසාධාරණම නඩු තීන්දුව ලැබුණු කැත්ලීන්ට වසර 20කට පසු සමාව

Admin

කුමාර් සානුට කොරෝනා

colombotoday

“නීතිය කාටත් පොදුයි,” වරදක් කළත් ඇයත් දඬුවම් ලැබිය යුතුයි” | සෞඛ්‍ය නීති කඩා සාදයක් පැවැත්වූ අගමැතිනියට දඩ

colombotoday