තණමල්විල තිලකරත්ත වැවේ දියේ ගිලි ඊයේ (31) පස්වරුවේ තරුණයෙකු මියගොස් තිබේ.
මේ සම්බන්ධයෙන් පොලීසියට ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ මෙම තරුණයා පෙරේදා (30) දහවල් කාලයේ බලහරුව තිලකරත්න වැව ප්රදේශයේ මීගවයින්ට තණ කවමින් සිටියදී අතුරුදන් වී ඇති බවය.
මෙලෙස මියගොස් ඇත්තේ 19 හැවිරිදි කිතුල්කොටේ, තණමල්විල ප්රදේශයේ පදිංචිව සිටි තරුණයෙකි.
තණමල්විල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.