පෑලියගොඩ වෙළෙඳ සංකීර්ණයේ කඩ කාමර සහ කොම්පඤ්ඤවීදිය අඩු ආදායම් ලාභී නිවාස සංකීර්ණයේ නිවාස ලබාදෙන බවට පවසා ජනතාවගෙන් මුදල් වංචා කිරීමේ සිද්ධියට සැකපිට සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ සම්බන්ධයෙන් පැමිණිළි ලැබී ඇති අතර විවිධ පුද්ගලයින්ගෙන් රුපියල් 19,663,800ක මුදලක් වංචා කර ඇති බවට වාර්තා වෙයි.
අත්අඩංගුවට ගත් සැකකරු 55 හැවිරිදි යාගින්න කහවත්ත ප්රදේශයේ පදිංචිකරුවෙකි.