Colombo Today Local News

කලාවැවේ හදිසි වාන් දොරටු දෙක යළිත් අරී….

කලාවැව හදිසි වාන් දොරටු දෙක යළීත් විවෘත කිරීමට කලාවැව ජලාශ භාර කාර්යාලය පියවර ගෙන තිබේ.

කලාවැව ආශ්‍රිත ජල පෝෂක ප්‍රදේශවල පතිතවන වර්ෂාව හේතුවෙන් කලාවැව ජල මට්ටම නැවත ඉහළ යාම නිසා මෙලෙස එම වාන් දොරටු නැවත විවෘත කිරීමට සිදුවූ බව කලාවැව ජලාශ කාර්යාලය පවසයි.

ඒ අනුව, අද (10) උදෑසන 8.30 වනවිට කලාවැව හදිසි වාන් දොරටු දෙක එකක් අඩි 10 බැගින් විවෘත කිරීමට කලාවැව ජලාශ කාර්යාලය පියවර ගෙන තිබේ.

ඒ අනුව, එමගින් තපරයකට ඝන අඩි 9817ක ජල ප්‍රමාණයක් කලාඔයට මුදා හැරේ. කලාවැව ජලපෝෂක ප්‍රදේශ ඔස්සේ මේ වනවිට තත්පරයට ඝන අඩි 9395ක ජල ප්‍රමාණයක් තව දුරටත් කලාවැවට එක්වෙමින් පවති. මේ වනවිට කලාවැවේ සමස්ථ ජල ධාරිතාවය අක්කර අඩි 87097ක්ව පවතින අතර ගෙවුනු පැය 24තුළ කලාවැව ප්‍රදේශයට මීලි මීටර් 31ක වර්ෂාවක් ද ලැබී තිබිණ.

Related posts

ඩොලරයේ අද මිල

colombotoday

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 25ක් ඒ.එස්.පී නිලයේ වැඩ බැලීමට

colombotoday

පොල්වත්ත පවුලෙන් පොළොන්නරුව රණවිරුවෙකුට විද්‍යුත් ආරෝපිත යතුරු පැදියක් පරිත්‍යාග කෙරේ…

colombotoday

රාජිතගේ අල්ලස් නඩුවක ෆයිල් බහිරවයා ගෙන ගිහින්

Admin

මඩකලපුවේ රජයේ ඉඩම් කොල්ලයක්.. බලහත්කාරයෙන් පදිංචි වෙයි.. නිලධාරීන්ටත් ප්‍රහාර !!

colombotoday

යාපනයේ චෙම්මනියේ කැණීම් අතරතුර මිනිස් ඇටසැකිලි හතක් සොයා ගැනේ

Admin