Colombo Today Local News

රාජිතගේ අල්ලස් නඩුවක ෆයිල් බහිරවයා ගෙන ගිහින්

මෝදර ධීවර වරාය අඩු මුදලකට පෞද්ගලික සමාගමකට බදු දීමෙන් රජයට පාඩු කළ බවට හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහි අල්ලස් නඩුවේ චෝදනා සනාථ කිරීම සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීමට ලේඛනගත කර තිබූ ලේඛන අතුරින් එක් ලේඛනයක් අස්ථානගත වී ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතාට දැනුම් දී තිබේ.

අල්ලස් කොමිසම හිටපු ධීවර ඇමැති රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව ඉදිරිපත් කළ සංශෝධිත අධිචෝදනා පත්‍රයට අදාළ නඩුව සම්බන්ධයෙන් “පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය”‍ සඳහා කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්කි ලේඛනයක් වශයෙන් නම් කර තිබූ ධීවර වරාය නීතිගත සංස්ථාවේ 2014 සැප්තැම්බර් 11 වැනි දිනට අදාළ අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාව මෙලෙස අස්ථානගත වී ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී ඇත.

2014 වසරේ අගෝස්තු මස පළමුවැනිදාත් නොවැම්බර් මස පළමුවැනිදාත් අතර කාලයේ කොළඹදී මෝදර ධීවර වරාය ‘සී ගල්ෆ් යූ.කේ.’ සමාගමට අඩු මුදලකට බදු දීම සඳහා ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ අධ්‍යක්‍ෂ මණ්ඩලය පෙළඹ වූ බවට ද ඒ අනුව මෝදර ධීවර වරාය එම සමාගමට අඩු මුදලකට බදු දීමෙන් රජයට පාඩු සිදුකළ බවට ද විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නගා ඇත.

එමගින් විත්තිකරුවන් අල්ලස් පනතේ 70 වැනි වගන්තියේ දැක්වෙන දූෂණය නමැති වරද සිදුකළ බවට විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අධිචෝදනා 05ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇති මෙම නඩුවේ සාක්ෂිකරුවන් වශයෙන් පුද්ගලයන් 17 දෙනකු නම් කර ඇති විත්තිකරුවන්ට එරෙහි චෝදනා සනාථ කිරීම සඳහා නඩු භාණ්ඩ වශයෙන් ලේඛන 55ක් ඉදිරිපත් කරන බව අල්ලස් කොමිසම නඩු භාණ්ඩ ලේඛනයක් මගින් අධිකරණයට දැනුම් දී තිබේ.

හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්නට අමතරව මෙලෙස චෝදනා ලැබ සිටින්නේ ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු අධ්‍යක්‍ෂ උපාලි ලියනගේ සහ එහි කළමනාකාර අධ්‍යක්‍ෂ නීල් රවින්ද්‍ර මුණසිංහ නමැත්තන්ය.

නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.

Related posts

සතොස සහල් මිල අඩු වෙයි

colombotoday

ඩෙවෝන් දිය ඇල්ලේ පහල ප්‍රදේශයේ තිබු කාන්තා මළසිරුරක් සොයා ගැනේ

colombotoday

ආපදා තත්ත්වයෙන් පාසල් 630ක් වැසෙයි

colombotoday

කුකුල් මස් මිල සහල් මිල අඩුකරන්න බැරිද?

Admin

දියතලාව බස් බෝම්බ සිද්ධියට හමුදා නිලධාරියෙක් අත්අඩංගුවට

colombotoday

අදාළ නැති නඩු සඳහා බලෙන් පෙනී නොසිටින්න. – අජිත් ප්‍රසන්නට මහේස්ත්‍රාත්ගෙන් දැඩි අවවාද

colombotoday