Colombo Today Local News

පොල්වත්ත පවුලෙන් පොළොන්නරුව රණවිරුවෙකුට විද්‍යුත් ආරෝපිත යතුරු පැදියක් පරිත්‍යාග කෙරේ…

පොල්වත්ත පවුලෙන් පොළොන්නරුව රණවිරුවෙකුට විද්‍යුත් ආරෝපිත යතුරු පැදියක් පරිත්‍යාග කෙරේ

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ හිගුරක්ගොඩ රණවිරු සංසදයේ ජී.ඒ.එස්.චතුරංග රණවිරුවා වෙත විද්‍යුත් ආරෝපිත යතුරු පැදියක් පරිත්‍යාග කිරීම ප්‍රසාද් පොල්වත්ත මහතා ඇතුළු එම පවුලේ සාමාජිකයන්ගේ දායකත්වයෙන් අද දින රණවිරු සේවා අධිකාරියේ දී සිදුවිය.

ප්‍රවීණ ලේඛකයෙකු හා බැංකු කරුවකු වන “අමරණීය සොල්දාදුවන් 32” කෘතියේ කතෘ, ප්‍රසාද් පොල්වත්ත මහතා විසින් රණවිරුවන් උදෙසා සිදුකරන සුබසාධන ව්‍යාපෘතීන් තවත් ඉදිරියට පියවරක් තබමින් රණක්ෂිතයට පත් රණවිරුවෙකු හට අවශ්‍ය නවීනතම විද්‍යුත් ආරෝපිත යතුරු පැදියක් ලබාදීම සඳහා අනුග්‍රාහකත්වය ලබා දෙන ලදී.

මේ සඳහා ප්‍රවීණ බැංකුකරුවකු සහ කතුවරයෙකු වන ප්‍රසාද් පොල්වත්ත මහතා සහ ඔහුගේ ආදරණීය බිරිඳ හර්ෂි පොල්වත්ත ඇතුළු ඕස්ට්‍රේලියාවේ පදිංචි ප්‍රසාද් පොල්වත්ත මහතාගේ සොයුරු ප්‍රසන්න පොල්වත්ත විසින් මූල්‍ය අනුග්‍රාහකත්වය දක්වන ලදී.

රණවිරු සේවා අධිකාරියේ සභාපති, මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික), සභාපති තුමන්ගේ ජ්‍යෙෂ්ඨ පුද්ගලික ලේකම්, බ්‍රිගේඩියර් රෝෂන් තිරිමාන්න, වැඩසටහන් නිලධාරීනී, නෙත්මි ගයශ්‍රී ඇතුළු රණවිරු පවුලේ සාමාජිකයන් මෙම අවස්ථාවට සහභාගි විය.

Related posts

කුරුණෑගල නීතිඥවරු අධිකරණ කටයුතුවලින් ඉවත් වෙති

colombotoday

ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි. ප්‍රභාකරන්ගේ රුව Facebook දැමූ දෙදෙනා 21 දක්වා යලි රිමාන්ඩ්

colombotoday

ආදායම් බදු දෙපාර්තමේන්තුවට ආයතන රැසකින් කෝටි 77300ක් පොලු තියලා

Admin

කටුනායක, ගුවන්තොටුපළේ වැසිකිළියක් අසල මිලියන 13ක රත්‍රං තොගයක්

colombotoday

iPhone 39ක් සහ රත්‍රං කිලෝ 3ක් සමග 6ක් අත්අඩංගුවේ

colombotoday

ඊයේ වැඩිම කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම කුරුණෑගලින්

colombotoday