ජාත්‍යන්තර ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලර්ඩිස් මහතා ඇතුළු නියෝජිත පිරිසක් සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතර හමුවක් ක්‍රීඩා අමාත්‍යංශයේදී අද (10)දින පැවැත්විණි.
මෙරට ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් අතිශය සුබවාදී බලාපොරොත්තු තබාගත හැකි විශේෂ හමුවක් බවට එය පත්වූ බව ක්‍රීඩා අමාත්‍යංශය පවසයි.
එම සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස ජෙෆ් ඇලර්ඩිස් අද පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට නියමිතය.