Colombo Today Local News

බඩඉරිඟු වගාවට කෘෂිකර්මය අක්කර අසූ දහසක ඉඩම් ඉල්ලයි

බඩ ඉරිඟු වගා කිරීම සඳහා අනුරාධපුර,මොනරාගල සහ බදුල්ල යන දිස්ත්‍රික්කවලින් අක්කර අසූ දහසක් ලබාදෙන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලුම් කර ඇතැයි පරිසරවේදී සජීව චාමිකර පැවසුවේය. පරිසර සංහාරයට එරෙහි සංරක්ෂණ සංවිධාන එකමුතුව විසින් කොළඹදී ඊයේ (23)දින පවත්වන ලද මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකශ කළේය.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කන්දකාඩු ප්‍රදේශයේ අක්කර 8500ක භූමි ප්‍රදේශයක් අක්කර පනහ-සියය බැගින් කොටස්කර පුද්ගලික අංශයට බෙදාදෙමින් තිබෙන බවත්, කෝමාරිකා වගා කිරීම සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ අක්කර ලක්ෂයක් ලබාදීමේ සූදානමක් පවතින බවද මෙහිදී ඔහු සඳහන් කළේය.

වනජීවි රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයාට,වන සංරක්ෂක ජනරාල්වරයාට සහ උද්භිද උද්‍යාන අධ්‍යක්ෂ ජනරාල්වරයාට නිකුත් කරන ලද චක්‍රලේඛය නීතියට පටහැනි බවත්, නිලධාරීන්ට සිය රාජකාරිය නිසිලෙස සිදුකිරීමට මින් බාධා පමුණුවන බවත් පාරිසරික නීතිඥ ජගත් ගුණවර්ධන මෙම මාධ්‍ය හමුවේදී කීවේය.

මෙහිදී පරිසරවේදී නයනක රන්වැල්ල කියා සිටියේ අක්කරයක වගා බිම් සඳහා ගිනි අවියක් නිකුත් කිරීම මගින් රිළවා, කළු වඳුරා, දඬු ලේනා ආදී වන සතුන් වඳ කිරීමේ අවදානමක් පවතින බවය. එමෙන්ම මෙලෙස ගිනි අවි ලබාදීම මගින් සාමාජීය ගැටලු ඇතිවිය හැකි බවද ඔහු කීවේය.

Related posts

තවත් ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් හුදකලා කෙරේ

colombotoday

චීනය කොරෝනා මර්ධනයට එන්නතක් සොයාගනී !

colombotoday

මැතිවරණය පැවැත්වෙන මීළඟ දිනය ගැන තීරණයක් ගන්න කොමිසම අද රැස්වෙයි

Admin

පොලීසිය සහ සුරාබදු නිලධාරීන් විජේරාමේ ගිහාන්ස් අවන්හල වටලයි. | නිරෝධායන නීති උල්ලංඝනය කරමින් බොන්න දීලා.

colombotoday

නිපුනතා සංවර්ධන සහ වෘත්තිය පුහුණු ඇමති දයාසිරි ජයසේකර

colombotoday

මැති සබේ ලිංගික හිරිහැර සොයන්න විශේෂ කමිටුවක්

Admin