Colombo Today Local News

මැති සබේ ලිංගික හිරිහැර සොයන්න විශේෂ කමිටුවක්

මැතිසබයේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සේවිකාවන්ට සිදුවන්නේ යැයි කියන
ලිංගික හිරිහැර සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පැවැත්වීමට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා විසින් කමිටුවක් පත් කරනු ලැබ ඇත.

පාර්ලිමේන්තුවේ පරිපාලන කටයුතු භාර අධ්‍යක්ෂිකා ඉන්දිරා දිසානායක මහත්මිය මෙම කමිටුවේ සභාපතිනිය ලෙස කටයුතු කරන්නීය

කමිටුව පරීක්ෂණ ආරම්භ කිරීමෙන් පසු එම දෙපාර්තමේන්තුවේ සේවිකාවන්ගෙන් පෙරේදා (9) ප්‍රශ්න කර කට උත්තර සටහන් කරගෙන ඇති බව එහි ආරංචි මාර්ග සඳහන් කරයි.

එම විමර්ශනවලදී එක් සේවිකාවක තමාට ලිංගික වශයෙන් අඩන්තේට්ටම් සිදුවූ බවට පැහැදිලිවම කරුණු අනාවරණය කර ඇතැයි එම ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

එසේම මෙම සිද්ධිය සම්බන්ධයෙන් බාහිර විමර්ශනයක් පවත්වන ලෙස සේවකයෝ පිරිසක් කතානායකවරයාගෙන් ඉල්ලීමක් කිරීමට සූදානම් වෙති.

මේ අතර පාර්ලිමේන්තුවේ ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ ඇතැම් රූමත් සේවිකාවන්ට සිදුවී ඇතැයි පැවසෙන ලිංගික හිරිහැර සම්බන්ධයෙන් හිටපු විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු විමර්ශනයද අවසන් කර එහි වාර්තාව බාරදී ඇතැයි වාර්තා වේ.

එම කමිටුව ඉදිරිපත් කර ඇති නිර්දේශ අනුව පාර්ලිමේන්තු ප්‍රධානීන් මේ සති අන්තයේදී එම සිද්ධියට චෝදනා ලැබූ ප්‍රධානියා ඇතුළු තිදෙනා සම්බන්ධයෙන් සුදුසු ක්‍රියා මාර්ගයක් ගැනෙනු ඇත.

එම ලිංගික හිරිහැර සිද්ධිය සම්බන්ධයෙන් ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ඇතුළු තිදෙනා දැනට වැඩ තහනම් කරනු ලැබ සිටිති.

Related posts

නීති විරෝධීව බ්‍රිතාන්‍යයෙන් එවූ අවසන් කසළ තොගය යලි නැව්ගත කරයි

colombotoday

ගංවතුර ගැටළුවට ලබන වසරේ විසඳුම්

Admin

පොලිස් නිලධාරීන් තිදෙනෙකුට පරහදී කඳුළු ගෑස් උණ්ඩ 50ක් පැහැර ගත් සැකකරු අත්අඩංගුවට

colombotoday

තවත් ආනයනික බිත්තර මිලියන 8ක් සතොසට

Admin

ජනමාධ්‍ය අමාත්‍යංශය අකිලට?

colombotoday

මෛත‍්‍රී 2020 ජනාධිපති අපේක්‍ෂක වීම කිසිවෙකුට වැළැක්විය නොහැකියි..

colombotoday