Colombo Today Local News

කෘෂිකර්මයේ සියයට හතරක සහන පොලී අනුපාතයට ණය ලබාදීම නවතයි

කෘෂිකාර්මික කටයුතු සඳහා සියයට හතරක සහන පොලී අනුපාතයට ණය ලබාදීම නතර කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

සහන පොලියට ණය ලබාගත් ඇතැමුන් වාහන පවා මිලදී ගෙන ඇතැයිද ඔහු පැවසීය.

වී සහ බඩ ඉරිඟු මිලදී ගැනීමට රජය විසින් සියයට හතරක සහන මිලට ණය ලබාදුන් බවත් මෙම ණය මුදල මීට ඉහතදී ලබා දුන්නේ සියයට 13ක පොලී අනුපාතයකට බවත් ඇමැතිවරයා කීවේය.

මෙම සහන ණය මුදලින් අතැමුන් වී තොග මිලදී ගෙන වැඩි මිලට විකිණීම සඳහා සඟවා ගෙන ඇතැයිද ඔහු පවසයි.

ආණ්ඩුව ජනතාවට මින් සහනයක් ලබාදීමට උත්සාහ කළත් එය අවාසියක් වූ බවද සියයට හතරේ සහන පොලිය මත ණය ලබාදීම නතර කිරීමට කැබිනට් මණ්ඩලය ඉකුත් සතියේ තීරණය කළ බවද ඔහු පවසයි.

Related posts

ගෝඨාගේ පුරවැසි අහෝසිය ගැන ඇමරිකානු තානාපති කාර්යාලයෙන් සහතිකයක්… සියළු චෝදනා හාන්සියි !

colombotoday

විමල්ගේ බිරිඳගෙන් CID යට පැමිණිල්ලක්

colombotoday

එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ නිල කාලය දීර්ඝ කෙරේ

colombotoday

පාසල් ගිය බසයටම යට වී 6 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට

Admin

ජනපති ඝාතන කුමන්ත්‍රණයට නි. පොලිස්පති නාලක සිල්වා යළි රිමාන්ඩ්…

colombotoday

එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයින් දහයක් ඉල්ලා අස්වෙයි !

colombotoday