Colombo Today Local News

පාස්කු ප්‍රහාරය : අමාත්‍ය මණ්ඩල අනු කමිටු වාර්තාව ලබන 31 වැනිදා ජනපතිට.

අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාවේ නිර්දේශ අධ්‍යයනයට පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව අද යළි රැස්වෙයි.

අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාවේ නිර්දේශ අධ්‍යයනයට පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ ලේකම්, ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ හරිගුප්තා රෝහණධීර මහතා සඳහන් කළේ ලබන 31 වැනිදා එම වාර්තාව ජනාධිපතිතුමාට භාර දීමට සැලසුම් කර ඇති බවයි.

ඒ අනුව, අද හා හෙට දෙදින තුළ කමිටුව රැස්වී ජනාධිපති කොමිසම ඉදිරිපත් කර තිබෙන නිර්දේශ පිළිබඳව ගැඹුරින් සලකා බලා අනු කමිටු නිර්දේශ සකස් කිරීමට නියමිතය.

පසුගිය 15 වැනිදා අමාත්‍ය මණ්ඩල අනු කමිටු වාර්තාව ජනාධිපතිතුමාට භාර දීමට සැලසුම් කර තිබුණද ඒ සඳහා කමිටුව සති දෙකක් කල් ලබා ගත්තේය.

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදය ගම්මන්පිල, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග සහ රෝහිත අබේගුණවර්ධන යන අමාත්‍යවරුන්ය.

Related posts

පයේ පෑගී කාන්තාවට හමු වූ නිධානය වතුරේ යයි.

colombotoday

කොරෝනා පාලන නීති සමාලෝචනයට කාර්ය සාධක බලකාය අද රැස්වේ

colombotoday

Video: තව්හිඩ් ජමාඩ් රාසික් යනු කියනදේ අහන්නේ නැති පිස්සෙක් – උලමා සංවිධානය කියයි

colombotoday

ලහිරු තිරිමාන්නගේ මෝටර් රථය අනතුරකට ලක් වේ

Admin

රනිල්ට එරෙහි විශ්වාසභංගයට මෛත්‍රී පාර්ශවයේ පළමු අත්සන තබයි !

colombotoday

සයිටම් තීන්දුව ක්‍රියාත්මක නොකළොත් වෛද්‍ය සභාවට හිරේ යන්න වෙයි – රාජිත

colombotoday