Colombo Today Local News

“සිසුන්ට වෙඩි වැදුණේ අධිබල අවි නිසා.. මින්පසු යාපනේ පොලීසියට සුළු අවි දෙනවා“ – ඇමති සාගල

sagalaයාපනයේදී පොලීසිය සිදුකළ වෙඩි තැබිමකින් සරසවි සිසුන් දෙදෙනෙකු මිය යෑමේ සිදුවීම පිළිබඳව නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා අද (25දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළේය.

මේ වන විට යාපනය තුළ ‘ආවා’ නමින් අපරාධ කල්ලියක් යතුරුපැදි වලින් ගමන් කරමින් අපරාධ සිදුකරන බවත් ඔවුන් කඩු මුගුරු යොදාගෙන අපරාධ කරන බවත් එම කල්ලියේ සාමාජිකයන් පිරිසක් බව සිතමින් පොලීසිය මෙම වෙඩි තැබිම සිදුකර ඇති බවත් මේ වන විට සිදුවන පරීක්ෂණ වලදී අණාවරණය වී ඇති බව අමාත්‍යවරයා පැවැසීය.

ජීවිතක්ෂයට පත්වූ සරසවි සිසුන් දෙදෙනා ගමන් කළ යතුරුපැදිය නවත්වන ලෙස එක් පොලිස් මාර්ග බාධකයේදී පොලීසිය අණ කළත් එය නොනවත්වා ධාවනය කර ඇති බවත් අනෙක් පොලිස් මාර්ග බාධකය දෙසට වේගයෙන් ධාවනයකර ඇති බවත් අමාත්‍යවරයා පැවැසීය.

එය පාලනය කිරීම සඳහා අහසට වෙඩි තබන අවස්ථාවේදී යතුරුපැදි කරුවෙකුට වෙඩි වැදී තිබෙන බවත් පැවැසූ අමාත්‍යවරයා එම අවස්ථාවේ රාජකාරි කළ උප පොලිස් පරික්ෂකවරයා ළග තිබුණේ සුළු අවියක් බවත් අනෙකුත් පොලිස් නිලධාරින් සන්තයේ බලයෙන් වැඩි අවි තිබුණ බවයි.

ඒ අනුව ඉදිරියේදී පොලිස් නිලධාරින් සුළු අවි ලබාදීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවැසීය.

යාපනයේදී පොලිස් නිලධාරින් දෙදෙනෙකුට කඩුවලින් පහරදීම පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවැසුවේ එම පහරදීම සිදුව ඇත්තේ බුද්ධි අංශ නිලධාරින් පොලිස් නිලධාරින් බවට හඳුනාගැනීමකින් තොරව බවයි.

‘ආවා’ කල්ලිය ප්‍රදේශයේ වෙළදසැළක් කොල්ල කන අවස්ථාවේදී එය වැළැක්වීමට පොලීසිය කටයුතු කළ අවස්ථාවේදී මෙම පහරදිම සිදුව ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

Related posts

තවත් හඩපට තියනවා.. සේරම එළියට දානවා… පාර්ලිමේන්තුව ගිනියම් කරමින් රන්ජන් සභාව අමතයි….

colombotoday

කුකුලෙක් ළිදට වැටුනැයි උරණවී බෝතලයකින් ඇනලා

Admin

ලංකාවේ කුඩා දරුවන් පැවිදි කිරීම තලේබාන් පන්නයේ ඉතා සාහසික ක්‍රියාවක්- මංගල

colombotoday

අගමැතිට එරෙහි විශ්වාස භංගය කථානායකට භාර දෙයි

colombotoday

ලීස් ගිවිසුම අවලංගු කිරීමෙන් පාඩුව කෝටි 1430ක් – ශ්‍රී ලංකන් ජනපති කොමිසමේදී හෙලිවෙයි

colombotoday

ගිනි ගත් ඉන්ධන නෞකාවේ කපිතාන්ට නොතීසි – නව සමාගම යටතේ කපිතාන්වරයා යෙදුණු මංගල ගමනත් මෙය බව හෙළිවෙයි

colombotoday