මැයි 24 වන සඳුදා සහ මැයි 25 වන අඟහරුවාදා රජයේ විශේෂ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අදාළ දිනයන් රජයේ විශේෂ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත්කර ඇති බව සඳහන් වේ.
ඊයේ (17)දින පස්වරුවේ රැස් වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමට මෙම යෝජනාව ඉදිරිපත් වූ අතර එහිදී ඊට එකඟතාව පළව තිබේ.
කෙසේවෙතත් මෙම නිවාඩුව බැංකු සහ වෙළෙඳ නිවාඩු ලෙස නොසැලකෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කළේය.