Colombo Today Local News

රේගුවේ ඵලදායීතාවය නැංවීමට ජනාධිපති පරීක්ෂණ කොමිසමක්

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ වත්මන් තත්ත්වය අධ්‍යයනය කර එහි ඵලදායීතාවය නැංවීමට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත්කර තිබේ.

රේගුවට එරෙහිව නැගෙන විවිධ චෝදනා සහ සිදුවෙතැයි සැලකෙන අක්‍රමිකතා වළක්වා ගනිමින් කාර්යක්ෂම හා ඵලදායී සේවා සැපයීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම කොමිසමට පැවරේ.

තොරතුරු තාක්ෂණ උපයෝගීතාව තුළ ආරක්ෂාව හා නිරෝධායන නීති රීති අවධානයට ගනිමින් රේගුවේ කාර්යයන් විනිවිදභාවයෙන් යුතුව සිදුකිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම එම කොමිසමට පැවරෙන තවත් වගකීමකි.

මහජනතාවගේ සහ වෙනත් පාර්ශ්වයන්ගේ අදහස් කැඳවීමට ද, රේගු වෘත්තීය සමිති ඉදිරිපත් කර ඇති යෝජනා සමාලෝචනයට ලක් කිරීමට ද ජනාධිපතිවරයා එම කොමිසමට නියෝග කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාන් ඇන්තනි ගුණරත්න මහතා එම කොමිසමේ සභාපති ධූරයට පත් කරනු ලැබ සිටී.

අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු, මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති කේ. එම්. එම්. සිරිවර්ධන,ජ්‍යෙෂ්ඨ උපදේශක (වෙළෙඳ) ආචාර්ය සනත් ජයනෙත්ති සහ ශ්‍රී ලංකා රේගුවේ හිටපු අතිරේක අධ්‍යක්ෂ ජනරාල් පී. ඒ. ඩයස් යන මහත්වරු එම කොමිසමේ සෙසු සාමාජිකයෝ වෙති.

Related posts

මෝටර් රථ අනතුරකින් පොලිස් නිලධාරියෙක් මරුට

colombotoday

සජිත් හම්බන්තොට අතහැර කොළඹින් මැතිවරණයට….

colombotoday

දින 100ක් ගතවෙද්දී මිලියනය ඉක්මවූ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා විය හැකි – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ

colombotoday

විනිසුරුවරු අසුන් නොගනී – බදියුදීන්ට එරෙහි පෙත්සමේ තීන්දුව කල්යයි

colombotoday

මහබැංකු අධිපතිලෙස කුමාරස්වාමි පත්කිරීම ගැන සෝභිත හිමි සිටියානම් අතිශය සතුටුවෙයි !

colombotoday

විහිළු ප්‍රකාශ නවත්තලා මේ රට සිංහල බෞද්ධ රටක් ලෙස පිළිගෙන කටයුතු කළ යුතුයි – රවීගෙන් මංගලට ටොක්කක්

colombotoday