Covid 19

නාගරික මන්ත්‍රීවරයෙක්ටත් කොවිඩ් අසාදිත බව තහවුරුවෙයි

හැටන් දික්ඔය නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකුට කොවිඩ් – 19 වෛරසය අසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

එම නාගරික මන්ත්‍රීවරයාට සිදුකර තිබූ PCR පරීක්ෂණයේ වාර්තාව අද (24) දිනයේ ලැබී තිබූ අතර ඒ අනුව ඔහු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගැණුනි.

හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක රාමයියා බාලක්‍රිෂ්ණන් මහතා පැවසූවේ අදාළ නාගරික මන්ත්‍රීවරයා ස්වයං නිරෝධායනය සඳහා යොමුකර සිටි අයෙකු බවය.

කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇති ආගරපතන ප්‍රාදේශීය සභා සභාපති කදිර් සෙල්වම් මහතා මහනුවර පොල්ගොල්ල ප්‍රදේශයේ පැවැති රැස්වීමටක ඉකුත් 17 වැනිදා සහභාගී වී ඇති අතර එම රැස්වීමට සහභාගී වී සිටි නාගරික මන්ත්‍රීවරයා සමීප ආශ්‍රිතයෙකු ලෙස හඳුනාගෙන ස්වයං නිරෝධායනය සඳහා යොමුකර තිබුණි.

එහිදී හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් නාගරික මන්ත්‍රීවරයා සහ පවුලේ සමාජිකයන්ව ස්වයං නිරෝධානයට යොමු කර තිබුණි.

කොවිඩ් -19 වෛරසය අසාදනය වී සිටින ආගරපතන ප්‍රාදේශීය සභා සභාපති කදිර් සෙල්වම් මහතා හම්බන්තොට ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවෙයි.

Related posts

ඊයේ තහවුරු කළ කොවිඩ් මරණ 71ක්

colombotoday

ගාල්ල බද්දේගම පාසල් සිසුවියකට කොවිඩ් ආසාදනය වෙයි

colombotoday

IDH රෝහලේ හෙදියකටත් කොරෝනා ආසාදනය වෙයි

colombotoday

කොරෝනා ආසාදනයෙන් තවත් තිදෙනෙක් මිය යයි.. සමස්ත මරණ සංඛ්‍යාව 194 දක්වා ඉහළට

colombotoday

මෙරට පැතිරෙන්නේ බ්‍රිතාන්‍යයේ COVID වෛරස ප්‍රභේදය බව තහවුරු වෙයි

colombotoday

සුනිල් පෙරේරාට කොවිඩ්

colombotoday