Covid 19World

කොරෝනා වෛරසය ඇමරිකාවේ සෞක්‍ය අංශ දණ ගස්සවයි. රෝගීන් දෙදෙනකුට එක ස්වසන යන්ත්‍රයක් පමණක් ලබාදීමට සිදුවේ.

වෛද්‍ය සැපයුම්වල හිඟයක් ඇතිවීමේ අවදානමක් හටගැනීමත් සමඟ රෝගීන් දෙදෙනකුට එක් ස්වසන සංවාතන යන්ත්‍රයක් (වෙන්ටිලේටර්ස්භාවිත කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර රෝහල් තීරණය කර ඇත.

දැනට පවතින ස්වසන සංවාතන යන්ත්‍ර (වෙන්ටිලේටර්ස්) නවීකරණය කර එලෙස රෝගීන් දෙදෙනකුට එක් යන්ත්‍රයක් භාවිත කිරීමේ තීරණය ගෙන ඇති නමුත් ඇතැම් වෛද්‍යවරු එය අවදානම් යැයි අනතුරු අඟවා ඇත.

ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසයේ, නව කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයයි.

කොරෝනා වයිරසය පෙනහලුවලට බලපාන රෝගයක් වන අතර දරුණුම අවස්ථාවලදී ඉන් සිදුවිය හැකි හානිය ඉතා විශාලය. කොරෝනා වයිරසය හේතුවෙන් සති කිහිපයක් ඇතුළත නිව්යෝක් නගරයෙන් වාර්තා වී ඇති මරණ ගණන 281 ක් වන අතර එම නගරයෙන් වාර්තා වී ඇති ආසාදිතයන්ගේ ගණන 22,000කි.
 
නිව්යෝක් නගරය තුළ වෛද්‍ය සැපයුම් හිඟයක් ඇතිවීමේ දැඩි අවදානමක් හටගෙන ඇත. මේ හේතුවෙන් ව්‍යවසනකාරී තත්ත්වයක් ප්‍රකාශ කිරීමේ අවදානමක් නිර්මාණය වී ඇතැයි ද නිව්යෝක් බලධාරීහු ප්‍රකාශ කළහ.
 
නිව්යෝක් නුවරට තවත් ඇත්තේ ස්වසන සංවාතන යන්ත්‍ර සීමිත ප්‍රමාණයක් බවත් තව දස දහස් ගණනක් අවශ්‍ය බවත් වාර්තා වේ. මේ තත්ත්වය හේතුවෙන් දැනට පවතින යන්ත්‍ර නාලයක් සවි කර රෝගීන් දෙදෙනකුට භාවිත කිරීමට නිව්යෝක් බලධාරීහු තීරණය කර ඇත. මෙය සෞඛ්‍යාරක්ෂිත නැති බවත් අවදානම් සහගත බවත් ඇතැම් වෛද්‍යවරු මෙන්ම විශේෂඥයෝ ප්‍රකාශ කළහ.

‘‘අපි මේක කරන්නේ අත්හදා බැලීමක් විදියට. සෞඛ්‍ය සැපයුම් හිඟයි. වෛද්‍ය කාර්යමණ්ඩලය දිවා රෑ නොබලා වැඩ කරනවා’’ යැයි නිව්යෝක්/ප්‍රෙස්බිටීරියන් රෝහලේ ප්‍රධාන ශල්‍ය වෛද්‍ය ක්‍රෙයිග් ස්මිත් පැවැසීය. මෙම රෝහල නිව්යෝක් නුවර තිබෙන ප්‍රධානතම රෝහල්වලින් එකක් වන අතර මෑන්හැට්න් හි පිහිටි කොලොම්බියා විශ්වවිද්‍යාල වෛද්‍ය මධ්‍යස්ථානයට අනුබද්ධිතව පවත්වාගෙන යයි.


‘‘එක් වෙන්ටිලේටර් යන්ත්‍රයකින් ආරක්ෂිතව රෝගීන් දෙදෙනකුට ස්වසන ආධාර සපයනවා’’ යැයි ද වෛද්‍ය ස්මිත් කීය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ පරිපාලන ෆෙඩරල් ආයතනය ඉකුත් දා ස්වසන සංවාතන යන්ත්‍ර (වෙන්ටිලේටර්ස්) නවීකරණය කිරීම සඳහා අවසර දුන්නේය. ඇමෙරිකා එක්සත් ජනපදයේ වෛද්‍ය උපකරණ හා උපාංග නිෂ්පාදනය නියාමනය කරන්නේ එම පරිපාලනයයි. ඒ අනුව තත්ත්වය බරපතළ රෝගීන් සඳාහා මෙම ක්‍රමය භාවිත කෙරේ. කෙසේ වුවත් නිෂ්පාදකයන් සෑම විටම ආරක්ෂාව සම්බන්ධයෙන් ෆෙඩරල් ආයතනය දැනුවත් කළ යුතු යැයි ද එම ආයතනය නිෂ්පාදකයන්ට නියෝග කර ඇත.
 
ෆෙඩරල් ආයතනයේ තීරණයට ඇතැම් වෛද්‍ය සංගම් දැඩි විරෝධය පළ කර ඇත.

‘‘දැනට පවතින උපාංග හා උපකරණවලින් මෙය ආරක්ෂිතව කරන්න බැහැ. රෝගීන් දෙදෙනකුට එක් යන්ත්‍රයක් භාවිත කරන්න බැහැ’’ යැයි ‘ඇමෙරිකන් ඇසෝෂියේෂන් ෆෝ රෙස්පිරේටරි කෙයාර්’ , ‘සොසයිටි ඔෆ් ක්‍රිටිකල් කෙයා මෙඩිසින්’ ඇතුළු තවත් වෛද්‍ය සංගම් හතරක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ඇතැම් අවස්ථාවලදී ‘තීව්‍ර ස්වසන අවරෝධන සහලක්ෂණය’ හෙවත් ඒ.ආර්.ඩී.එස්. රෝගී තත්ත්වයට ප්‍රතිකාර කිරීම සඳහා ඉතා හොඳින් වැඩිදියුණු කරන ලද ස්වසන සංවාතන යන්ත්‍රයක් (වෙන්ටිලේටර්ස්) එක් රෝගියකු සඳහා කළමනාකරණය කරගත නොහැකි අවස්ථා උදාවන බව ද එම ඒකාබද්ධ නිවේදනයේ දැක්විණි.
 
ඕනෑම රෝගීන් දෙදෙනකුට එලෙස එක් යන්ත්‍රයක් භාවිත නොකරන බවත් සමාන ස්වසන අවශ්‍යතා ඇති රෝගීන් දෙදෙනකුට පමණක් එක් යන්ත්‍රයක් භාවිත කරන බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෛද්‍ය ස්මිත් කීය.

‘‘මේ දේ කරනවා නම්, මේක ඉතාම පරෙස්සමෙන් කරන්න ඕනෑ. සෑම විටම විමසිල්ලෙන් ඉන්න ඕනෑ. එහෙම නැත්නං හොඳක් කරන්න ගිහින් අන්තිමට වෙන්නේ ලොකු හානියක්’’ මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෛද්‍ය ග්‍රෙගරි නේමන් පැවැසීය.

Related posts

ඊශ්‍රායල හමුදාව සහ හමාස් රොකට් වෙඩි හුවමාරුවක් සමඟ අලුත් අවුරුද්ද සමරයි

colombotoday

කේරළයේ හින්දු කෝවිලක පිපිරීමක්.. 84ක් මරුට.. 200කට වැඩි පිරිසකට තුවාලයි

colombotoday

මියන්මාර හමුදා අධිකරණය අවුන්සාන් සුකී තවත් වසර හතකට සිර කරයි

Admin

කළු­තර දිසා­වෙන් ආසා­දි­ත­යෝ 277ක් | බේරු­ව­ලින් 66ක්. බණ්ඩා­ර­ග­මින් 40ක්.

colombotoday

මූල්‍ය වංචාවකට වරදකරු වූ ආර්ජන්ටිනාවේ උපජනාධිපතිනියට වසර 6ක සිර දඬුවම්

Admin

බහු ආගමික, බහුසංස්කෘතික වාදයට අනාගතයක් නෑ – රුසියානු ඔතර්ඩොක්ස් ප්‍රධානී කිරිල්

colombotoday