Colombo Today Local News

රන්ජන් තනි සිරකුටියක රඳවයි

“සජිත් ප්‍රේමදාස මහත්මයා කිව්වා අඟුණකොළපැලැස්සෙ බන්ධනාගාරයේ රඳවා සිටින රන්ජන් රාමනායක මහතාට අනෙක් සිරකරුවන් සමඟ මිශ්‍රව සිටින විට ආරක්ෂාවක් නෑ කියලා. අපි පසුව වහාම රංජන් රාමනායක මහතා තනි සිරකුටියක රඳවා තැබීමට කටයුතු කළා.’යැයි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවසීය.

අද (24)දින ගාල්ල බූස්ස අධිආරක්ෂක බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අවස්ථාවේදී මෙලෙස කීය.

තමා මෙම අමාත්‍යංශය භාර ගන්නා විට බන්ධනාගාරවල රැඳවියන් 30 දාහක් සිටී නමුත් එම ප්‍රමාණය 19,000 ක් දක්වා අඩු කිරිමට මෙම කාලය තුළ පුළුවන් වූ බව ද රාජ්‍ය ඇමැතිවරයා කීය.

බූස්ස බන්ධනාගාරය දැනට අධිආරක්ෂක කුටි 32 ක් විශේෂිත ගණයේ අපරාධකරුවන් රඳවා තැබීමට තිබෙන බවත් තව මාස දෙකකින් මෙම සංඛ්‍යාව දෙගුණ කර දිවයිනේ සියලුම විශේෂිත ගණයේ අපරාධකරුවන් මෙම බන්ධනාගාරයේ රඳවා තැබීමට අවශ්‍ය පියවර ගැනීමට සැලසුම් කර තිබෙනබවත් රාජ්‍ය ඇමැතිවරයා කීය.

මෙම අවස්ථාවට බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය, බන්ධනාගාර කොමසාරිස් ටි.එල් උඩුවරයන මහත්වරු ද එක්ව සිටියහ.

Related posts

මුදල් ත්‍යාග ලැබෙන්නෙ විදෙස් ගිනිඅවි ගැන තොරතුරු දුන්නොත් පමණයි

Admin

පාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තාව අධ්‍යයනය කිරීමේ කමිටුව පිළිගන්නේ නැහැ

colombotoday

කුරුණෑගල ගොඩනැගිල්ල කඩාදැමීම ගැන පරීක්ෂණ විධිමත් කරන ලෙස නීතිපතිගෙන් උපදෙස්

colombotoday

අද සිට දින පහක විශේෂ මදුරු මර්දන වැඩසටහනක්

colombotoday

[Video] එජාප මන්ත්‍රී මැති සබේ මේසය උඩ නැග සරම ගලවයි.. කෝටාව ඉල්ලා විරෝධයේ

colombotoday

ජනතාවගේ මූණ දැක්කාම මට ඔක්සිජන් ලැබෙනවා – සජිත්

colombotoday