Colombo Today Local News

පොහොට්ටුවේ රාජ්‍ය ඇමතිවරයෙකු බීමතින් අහසට වෙඩි තියලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රාජ්‍ය අමාත්‍යවරයෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවස ඉදිරිපිට දී ඔහුට නිකුත් කර තිබූ පිස්තෝල ගිනි අවියකින් අහසට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇතැයි වාර්තා වේ.

අධික ලෙස බීමත්ව මන්ත්‍රී නිවසේ බැල්කනියට ගිනි අවිය රැගෙන පැමිණ තිබූ මන්ත්‍රීවරයා එයින් වෙඩි තුනක් අහස දෙසට එල්ල කර තිබූ බව වාර්තා වේ.

මෙම රාජ්‍ය අමාත්‍යවරයා මීට පෙර අවස්ථා කිහිපයකදී ආන්දෝලාත්මක සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් සමාජය අතර විවේචනයට පවා ලක් වූවෙක් බවත් පැවසේ.

පෙරේදා (5) රාත්‍රී වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් බුද්ධි අංශ මගින් උසස් නිලධාරීන් ද දැනුම්වත් කර ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.

Related posts

ලබන සඳුදා සිට ආදායම් බදු දෙපාර්තමේන්තුව සාමාන්‍ය පරිදි වැඩ

colombotoday

ඉන්දියාවේ තෑග්ග කටුනායක ගුවන් හමුදා කදවුරට

colombotoday

චීනය හා ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් වාර වැඩි කෙරේ…. වෛද්‍ය සිසුන්ට චීනයේ යළි අධ්‍යාපනය හදාරන්නත් අවස්ථාව

colombotoday

ඉන්ටවල් ඉවරයි… තනතුරු නැතිව බෑ… මුස්ලිම් ඇමතිලා එන සතියේ යළි දිවුරයි !

colombotoday

‘ජනාධිපති සමාව අනිසි ලෙස ප්‍රධානය කරනු එපා‘ – අගමැති බිරිද මෛත්‍රී, ජනපති මෛත්‍රීගෙන් ඉල්ලයි

colombotoday

අද පාර්ලිමේන්තුව ආරම්භ වේ

Admin