Colombo Today Local News

එන්.ටී.සී. අධ්‍යක්ෂ ජනරාල් තිලාන් මිරැන්ඩා අනිවාර්ය නිවාඩු යවයි

ජාතික ගමනා ගමන කොමිසමේ (එන්.ටී.සී.) අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තිලාන් මිරැන්ඩා මහතා අනිවාර්ය නිවාඩු යවා ඇතැයි එම කොාමිසමේ සභාපති ශෂි වෙල්ගම මහතා පවසයි.

මිරැන්ඩා මහතාට එරෙහිව එල්ල වී තිබූ චෝදනා සම්බන්ධයෙන් ජාතික ගමනා ගමන කොමිසමේ අධ්‍යක්ෂ මණ්ඩලය කළ මූලික විමර්ෂයකින් පසුව විධිමත් පරීක්‍ෂණයක් කිරීමට නිර්දේශ කර ඇති බවත් එම විධිමත් පරීක්‍ෂණයට ඒ මහතා සේවයේ සිටීම බාධාවක් වීම හේතුවෙන් අනිවාර්ය නිවාඩු යවා ඇති බවත් සභාපතිවරයා කියයි.

එම චෝදනා සම්බන්ධයෙන් වාර්තාවක් ප්‍රවාහන අමාත්‍යංශයට ද යොමු කර ඇතැයි ශෂි වෙල්ගම මහතා වැඩි දුරටත් සඳහන් කරයි.

Related posts

පක්ෂීන්ගේ ඖෂධ නීතිවිරෝධීව ආනයනය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

colombotoday

මිහින්තලා රජමහා විහාරයේ විදුලි බිල සජිත් ගෙවයි

Admin

මුහුදු රැල්ලට හසු වූ සරසවි සිසුවෙක් මරුට

Admin

ආප්ප, ප්ලේන් ටී, කිරි තේ සහ කෑම පැකට්ටුවක් අද සිට උපරිම සිල්ලර මිලකට

colombotoday

මහ මැතිවරණය අගෝස්තු මසට

colombotoday

සජිත් – මෛත්‍රී රහස් හමුවක් !

colombotoday