Colombo Today Local News

නිවසක් කොල්ලකෑමට ආ හොරා අඹුසැමි යුවළකගෙන් මන්නා පහර කයි

හෝමාගම ප්‍රදේශයේ නිවසක් කොල්ලකෑමට පැමිණි සැකකරුවෙකු අඹුසැමි යුවළක් විසින් දැඩි පරිශ්‍රමයක් දරා මෙල්ලකරගෙන තිබේ.

මෙය සිදුව ඇත්තේ හෝමාගම පිටිපන ගුවර්ධන මාවත ප්‍රදේශයේ නිවසකය.

කොල්ලකරු තියුණු ආයුධයක් රැගෙන නිවසට ඇතුළුවන අතර එහිදී කොල්ලකරු ප්‍රථමයෙන් නිවසේ හිමිකරුට තර්ජනය කරනු ලබයි.

දෙවනුව කොල්ලකරු නිවෙස් හිමියාගේ බිරිඳ ආසන්නයට ගොස් ඇයගේ ගෙළට පිහිය තබා තර්ජනය කරන අයුරු නිවසේ සවිකර ඇති CCTV කැමරාවේ පටිගතව ඇත.

එම අවස්ථාවේ කාන්තාවගේ තල්ලු කිරීම හමුවේ කොල්ලකරු ඇදවැටෙන අතර එක්වරම ඔහු නැවත පැන කුඩා දියණිය අල්ලාගැනීමට උත්සාහ කරයි.

එහිදී නිවෙස් හිමියා විසින් කොල්ලකරු ඇත තිබූ තියුණු ආයුධය ඔහුගෙන් උදුරාගැනීමට සමත්ව ඇත.

පසුව නිවෙස් හිමියා විසින් කොල්ලකරුට එම ආයුධයෙන්ම පහරදී ඇති අතර ඉන් කැපුම් තුවාළ ලැබූ කොල්ලකරු මේ වනවිට හෝමාගම රෝහලට ඇතුළත් කර ඇත.

හෝමාගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

පාස්කු ප්‍රහාරය: වගඋත්තරකරුවෙකු වූ රනිල්ට එරෙහිව නඩු කටයුතු පවත්වාගෙන යා නොහැකි බව ශ්‍රේෂ්‍ඨාධිකරණය තීන්දු කරයි

colombotoday

සිනමන් බෝම්බ කරුගේ අවශ්‍යතාවයකට ගෙන කඩු 5,400ක් කෝ ? ආරක්ෂක ලේකම් ට සහ පොලිස්පතිට අභියාචනාධිකරණයෙන් නියෝගයක්

colombotoday

කොළඹ වරාය නගරයට ගිය ජනකාය කොවිඩ් පොකුරක් ඇති කිරීමේ අවදානමක්

colombotoday

ව්‍යාජ නෝට්ටු සමඟ කතක් සහ තරුණයෙක් අල්ලයි

Admin

බෙදුම්වාදයට එරෙහිව රටවල් 10ක විදෙස්‌ගත ශ්‍රී ලාංකික දේශප්‍රේමීහු එක්ව නැගී සිටිති

colombotoday

නව ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව පත්කෙරේ..

colombotoday