Colombo Today Local News

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නගා සිටුවීමට ණය ඇපකර ලබාදීම වසර අවසානයේ…

ආර්ථික අර්බුදය හමුවේ වඩාත්ම පීඩාවට පත්ව ඇති ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නගා සිටුවීම සඳහා ණය ඇපකර ලබාදීම වසරේ ඉදිරි මාස කිහිපය තුළ ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

ආර්ථිකයේ යම් පිබිදීමක් සිදු වෙමින් පැවතියද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් අර්බුදයක සිටින බව අමත්‍යවරයා පෙන්වා දෙයි.

මේ වනවිට අදාළ ණය ඇපකර ලබාදීම සඳහා ජාත්‍යන්තර සංවිධාන සමග සාකච්ඡා ආරම්භ කර තිබෙන බවද සඳහන්.

එමෙන්ම දළ දේශීය නිෂ්පාදිතයෙන් 52%කට සහ රැකියා නියුක්තියෙන් 45%කට දායකත්වය දක්වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය රැක ගැනීම මෙරට ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ ප්‍රධාන සාධකයක් වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටී.

Related posts

කොරෝනා මරණ 800 දක්වා ඉහළට… 37,000ක් ආසාධිතයි !

colombotoday

දුම්රිය ස්ථානාධිපතිවරු අඛණ්ඩ වර්ජනයක

colombotoday

මෙවර මැතිවණ තරඟ අපේක්ෂකයෙකුගේ නිවසක මුරකරු හා සුනඛයා අභිරහස් ලෙස මිය යයි

colombotoday

ශ්‍රීලනිප පුංචි මන්ත්‍රීන් 1400ක්, මහින්දගෙන් වචනයක් ඉල්ලා හෝටලයේ බිම ඉදගනී!

colombotoday

“කවුරු මොනව කීවත් භික්ෂු සමාජයේ විනය හදනවා” – ජනපති කියයි

colombotoday

ඕමානයේ සුරක්ෂා නිවාසයේ රඳවා සිටි කාන්තාවක් ජීවිතක්ෂයට

Admin