Colombo Today Local News

නිවසක සඟවා තිබූ ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අල්ලයි

ගම්පොළ, කුරුඳුවත්ත, රාක්ෂාව කඩ වීදිය, උඩහේන්තැන්න ප්‍රදේශයේ නිවසක සඟවා තිබිය දී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් විශේෂ කාර්‍ය බළකා ගම්පොළ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත අද (28) අලුයම කළ වැටලීමකින් සොයාගෙන ඇත.

ටී-56 ගිනි අවිවලට භාවිත කරන වර්ගයේ පතොරම් යෙදිය හැකි මෙම තුවක්කුව සමඟ, එම වර්ගයේ එක් උණ්ඩයක් ද හමු වී ඇති බව වාර්තා වේ.

මෙම ගිනි අවිය, දඩයම් සඳහා භාවිත කරන එකක් බවට වාර්තා වී ඇති අතර, අත්අඩංගුවට ගෙන ඇත්තේ, වයස් අවුරුදු 35ක පුද්ගලයෙකි.

කුරුඳුවත්ත පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Related posts

සෞඛ්‍ය තත්වය නරක අතට.. විමල් රෝහල්ගත කරයි

colombotoday

“මේ වෙලාවේ ලන්ඩනයේ ජනතාව සමග මමත් සිටිනවා“ – ත්‍රස්ත ප්‍රහාරය ගැන ජනපති ශෝක වෙයි

colombotoday

ගිලන්රථ සේවාව බිසි. කොරෝනා ආසාදිතයා පීසීආර් කරගන්න කි.මී. 20ක් පයින්ම රෝහලට ගිහින්

colombotoday

දිවිදුන් විරුවන්ට ගෞරවය පුදකිරීමටනම් අනාගත පරපුරට සමෘද්ධිමත් දේශයක් උරුම කර දෙන්න – කථානායක නිදහස් දින පණිවුඩය

colombotoday

හම්බන්තොටින් අක්කර 1000ක් චීනයට !

colombotoday

දුර්වල ආගම විගමන නීති නිසා, ලංකාවත් ආගමික ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට !!

colombotoday