Colombo Today Local News

කළුතර මහාධිකරණයෙන් 08 දෙනෙකුට මරණ දඬුවම නියම කෙරේ…

තියුණු ආයුධවලින් කපාකොටා පුද්ගලයකු ඝාතනය කිරීම සම්බන්දයෙන් චෝදනා ලැබූ විත්තිකරුවන් අට දෙනෙකු වරදකරුවන් කරමින් කළුතර මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා විසින් අද(27)දින මරණ දඩුවම නියම කළේය.

කළුතර දකුණ කලිල් පෙදෙසේ පදිංචිව සිටී සෙයියර් මොහොමඩ් ෆාරිස් නැමැත්තා 2003 මාර්තු මස 24 දින හෝ ඊට ආසන්න දිනක තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීම සම්බන්දයෙන් සැකකරුවන් අට දෙනෙකුට එරෙහිව නීතිපති වරයා විසින් මහාධිකරණය ඉදිරියේ අධිචෝදනා ගොනුකොට තිබුණි.

කළුතර, මහ හීනටියංගල ප්‍රදේශයේ පදිංචි 46 හැව්රිදි මොහොමඩ් සෙයින් මොහොමඩ් හම්සා, 49 හැව්රිදි අබ්දුල් කරීම් මොහොමඩ් රවිස්දීන්, 59 හැව්රිදි මොහොමඩ් මව්ස් මොහොමඩ්, 45 හැව්රිදි මොහොමඩ් රියාස්ඩීන් මොහොමඩ්, 47 හැව්රිදි මොහොමඩ් ජිෆ්රි මොහොමඩ් ජින්නා, 43 හැව්රිදි මොහොමඩ් ජිෆ්රි මොහොමඩ් පිරිදව්ස්, 44 හැව්රිදි මොහොමඩ් සාහීර් මොහොමඩ් සියාම්, 45 හැව්රිදි මොහොමඩ් නිලාබ්දීන් මොහොමඩ් අජීල් යන අයවලුන්ට මෙසේ මරණ දඩුවම් නියම කෙරුණි.

Related posts

මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 6000 ඉක්මවයි – අවසන් දින 9ට ආසාදිතයින් 1000ක්

colombotoday

පොල් ගෙඩිය මැනීමේ නවතම මිනුම ගල් යුගයේ වැඩක්. නීති අධ්‍යක්ෂකවරියට චෝදනා

colombotoday

දඹර අමිල හිමි ඇතුළු ලිට්රෝ ගෑස් හොර පඩි ගත්ත ලිස්ට් එකම මෙන්න…

colombotoday

ඕනෑම කෙනකුට සහල් ආනයනය කිරීමට අවසර

colombotoday

සරසවි සිසුවියක් සියදිවි නසාගනී

Admin

ක්‍රිකට් විකාශන අයිතිය රාජපක්ෂ රෙජීමයෙන් වික්‍රමසිංහ රෙජීමයට!

colombotoday