Colombo Today Local News

අමාත්‍යාංශය ගත් පියවර වහා ක්‍රියාත්මක කරන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පුරප්පාඩු 4,718 ක් පිරවීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ගත් පියවර වහා ක්‍රියාත්මක කරන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණය අද(27)දින නියෝග කර තිබේ.

ඒ අදාළ බඳවා ගැනිම්වලට එරෙහිව ශ්‍රේෂඨාධිකරණය හමුවේ, ගොනු කළ තිබූ පෙත්සමේ අතුරු නියෝගය ඉල්ලා අස්කර ගැනිම හේතුවෙනි.

ඒ අනුව, ඒ හා සම්බන්ධ තවත් පෙත්සම් කිහිපයක් ඉල්ලා අස්කරගැනීමට පෙත්සම්කරුවෝ කටයුතු කළහ.

ගුරුවරුන් බඳවා ගැනිමේ චක්‍රලේඛය අත්හිටුවන ලෙස මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබු අතර එය ද අද ඉවත් කෙරිණ.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් විභාගයට ගැනුණි.

Related posts

අද පස්වරුවේ ගිගුරුම් සහිත තද වැසි

colombotoday

වත්තල ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

colombotoday

සුදුවෑන් ගැන කිව්ව රාජිතගේ නඩුව කල් යයි

Admin

“මා කියූ දෙයක් වැරදී නෑ.. 2020 ජනපති ගෝඨාභයයි.. ස්තීරයි.. ඒකාන්තයි“ – විජිත රෝහණ

colombotoday

කැලණි සරසවියේ අත්අඩංගුවට ගත් භික්ෂූන් වහන්සේ ඇතුළු සිසුන් 6ක් අද අධිකරණයට..

Admin

පාසලක හදිසියේ අසනීප වූ සිසුන් 42ක් රෝහලට

colombotoday