Colombo Today Local News

පවතින අක්ෂි කාච ප්‍රමාණවත් සතියකට පමණයි – සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි

ගැටලුවට තුඩු දී ඇති අක්ෂි කාච මිලදී ගැනීමේ ගනුදෙනුව යළිත් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය උත්සාහ කරන බව වෘත්තිය සමිති චෝදනා කරයි.

මේ පිළිබඳ කඩිනමින් සෞඛ්‍ය අමාත්‍යවරයා අවදානය යොමු කළ යුතු බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කරයි.

මේ අතර, වෛද්‍ය සැපයුම් අංශයේ ගබඩාවල පවතින අක්ෂි කාච සංඛ්‍යාව ප්‍රමාණවත් වන්නේ තවත් සතියකට පමණක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කරන්නේ, අක්ෂි කාච මිලදී ගැනීමේ ටෙන්ඩරය ලබා දීම ඒ සඳහා පත් කළ කැබිනට් අනුකමිටුවේ අධ්‍යයනයෙන් පසු ලබා දෙනු ඇති බවයි.

Related posts

ෆොන්සේකාගේ නෝනට කඩේ යන්න වාහන දුන්නෙත් ඇවන්ගාඩ් ?

colombotoday

උපාධිධාරීන්ට රැකියා ලබාදීම මාර්තු 01දාට පෙර අරඹනවා – ෂෙහාන්

colombotoday

පාන් හැර අනෙකුත් සියලු බේකරි නිෂ්පාදනවල මිල ඉහළට

colombotoday

රජයේ බලධරීන් පොරොන්දුව කඩයි… චීනයෙන් පරිත්‍යාග කළ බුදුපිළිම වහන්සේලා තවමත් රේගුවේ..

colombotoday

ලංගමයේ පිල්ලි ගැසූ කෝටි 29ක් ගැන ගැන තොරතුරු එළියට

colombotoday

“මට සුපිරි එන්ජිමක් තියනවා, සුපිරි ඩයිනමෝවක් තියනවා” – සජිත්

colombotoday